ලංකාවේ යොහානි මේ වනවිට බොලිවුඩය පිස්සු වට්ටා අවසන්ය. පසුගියදා ඇය සිය පළමු ප්‍රසංගය ඉන්දියාවේදී සාර්ථකව පවත්වා අවසන් කළාය.
ඇය මෙන්ම තවත් අයකු ලංකාවේ ඉපිද දැන් කොලිවුඩය මෝහනය කරන්නීය.ඒ වෙන කවුරුවත් නොව ජැකලින් ෆර්ඩිනැන්ඩස්ය. ජැකොලයින් ලංකාවට වඩා දැන් ඉන්දියාවට සමීපය. යොහානි ද සිල්වා මේ වනවිට ඉන්දියාව පමණක් නොවන ලෝකයම වසඟ කර ඇත්තීය. ඇයගේ මනරම් ගීතය ලෝකය වැළඳගත් ආකාරය ගැන අපි ආශ්වාදයෙන් යුතුව බලා සිටියෙමු.
ඉන්දියාවේ ඇයගේ මැණිකේ මගේ හිතේ ගීතය රැළිපිට රැළි නගමින් තිබෙන්නේය. එවැනි අසිරියක් ලංකාවේ අප දුටු මුල්ම අවස්ථාව මෙයය.
මේ මනරම් තරු යුවල එකට මුණගැසුනේය. ඒ ඉන්දියාවේ දී ය.
ඒ සම්බන්ධයෙන් යොහානි සිය ෆේස්බුක් පිටුවට එක් කර තිබූ ජායාරූප මෙසේය.














