ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (17) ප.ව. 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර, ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ. අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වනු ඇත.
16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.
පකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගිය බ්‍රහස්පතින්දාය.
මේ අතර ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අද අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, මහීෂ් වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා ඇති බවය.
පකිස්ථානය සමග පැවති තරගයේදී මහීෂ් ආබාධයකට ලක්විය.










