රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර, ඇප මත මුදාහැර තිබෙනවා.Sri Lanka Latest News
ඒ පුත්තලම මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.
එහිදී ඔහුගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව යලි ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමට නියමිතයි.
යශෝධ රංගේබණ්ඩාර පැදවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයක ගැටී අද අලුයම මෙම අනතුර සිදුව තිබුණේ, කරුවලගස්වැව හතේ කණුව – මීඔය ආසන්නයේදීයි.
තුවාල ලැබු ත්රිවිල් රථයේ රියැදුරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කෙරුණා.