• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න නෑ, බේත් නෑ, ඉස්කෝල නෑ, බස් නෑ, තෙල් ආවම ගෑස් ආවම ප්‍රශ්න ඉවර ද?

July 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කන්න නෑ, බේත් නෑ, ඉස්කෝල නෑ, බස් නෑ, තෙල් ආවම ගෑස් ආවම ප්‍රශ්න ඉවර ද?
Share on WhatsAppShare on Facebook

හෝව් හෝව් හෝව්… පොඩ්ඩක් ඔහොම ඉන්න. දැන් ප්‍රශ්න ඉවරද? ඒ කියන්නේ තෙල් පෝලිමෙන් ගිහිල්ලා තෙල් ටික ගහගෙන ගෙදර ආවට පස්සේ, ගෑස් එක ගෙදර ගෙනාවට පස්සේ රටේ ප්‍රශ්න ඉවරද? දැන් ඉන්නේ සුඛිත මුදිත දේශයකද? එහෙම නෙවෙයි, තව පැය දෙකකින් තුනකින් ගෙදර කරන්ට් එක කපනවා නේද? කරන්ට් එක කැපුවට කරන්ට් එක ආයෙත් එනවනෙ. කරන්ට් එක ආවට පස්සේ, ඒ කියන්නේ ලයිට් ටික ඔක්කොම පත්තු වුණාට පස්සේ ගෑස් සිලින්ඩරෙත් ගෙදර තියෙනවා, කාර් එකේ තෙල් තියෙනවා, බයිසිකලෙත් තෙල් තියෙනවා. ප්‍රශ්න ඉවරයිද? මොකක්ද උත්තරය ඇත්තටම? ඔව්. ප්‍රශ්න ඉවරයි. තව මොනවද? තෙල් ටික ඉවර වෙනකන්, ගෑස් එක ඉවර වෙනකන් ප්‍රශ්න ඉවරයි. තව පැය දෙකකින් ආයෙත් කරන්ට් එක කපනවා. අමතක කරන්න එපා. අන්න එතකොට නම් පොඩි ප්‍රශ්නයක් ඔළුවට එනවා. දැන් කරන්ට් එක කපනවා විතරක් නෙවෙයි. කරන්ට් එක කැපුවට පස්සේ ෆෝන් එකේ සිග්නල් නැතුව යනවා. ෆෝ ජී ත්‍රී ජීවලට හැරෙනවා. ත්‍රී ජී ටික වෙලාවකින් ඊ අකුරකට මාරු වෙනවා. ඊට පස්සේ අන්තිමට දුරකතන ඇමතුමක්වත් ගන්න බැරි වෙනවා. අන්න එතකොට ටිකක් රත් වෙනවා. හැබැයි කරන්ට් එක ආවට පස්සේ ආයෙත් කෝල් ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න ඉවර වෙනවා. අපි සතුටින් ඉන්නවා. ඊට පස්සේ ඡන්දයක් ආපුවාම අපි අපේ සතුට ප්‍රකාශ කරලා කතිරයක් ගහලා ගෙදර ඇවිල්ලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ඕක තමයි අපේ ජීවිතේ තියෙන සාමාන්‍ය සම්ප්‍රදාය. සාමාන්‍ය සිරිත.

එතකොට ප්‍රශ්න ඉවරයිද? පොඩ්ඩක් මතක් කරලා බලන්න, දැන් හාල් කිලෝ එකක ගාන කීයද? රුපියල් 300ක්? නෑ, තාම නෑ. 270ක්, 280ක්? යාපනේ නම් දැන් 300 පැනලා. රතු කැකුළු 320 වෙනකොට නාඩු 360ට යන වෙලාවල් තියෙනවා. මරඳගහමුලත් 270, 260 වගේ ගණන්වලට තමයි හාල් කිලෝ එක විකිණෙන්නේ. බත් කාලා හමාරයි කියලා හිතෙනකොට අර සතුටක් පොඩ්ඩක් නැතිවෙනවා නේද? ගෑස් සිලින්ඩරේ කුස්සියේ හිනාවෙලා ඉන්න මූණ අමතක කරලා දාලා, හාල් තව ඉතුරුද කියලා අහන්න හිතෙනවා. එතකොට කියනවා පරිප්පු ටිකකුත් පුළුවන් නම් ගේන්න කියලා. අන්න එතකොට තමයි මතක් වෙන්නේ තාම අපි පරිප්පුව කනවා කියලා. මොකද පරිප්පු කිලෝ එක දැන් රුපියල් 600 – 700 වෙලා. පරිප්පු ටිකක් ගන්න ගියපු ගමන් නිකමට වගේ බලන්නකො ගෙදරට පොඩි එකාට බිස්කට් පැකට් එකක් ගෙනියන්න. කීයද ගාන? අම්මෝ… තරු විසිවෙනවා. බිස්කට් කන්න හොඳ නෑ කියලා මේ පිටි වර්ග කෑම කන්න හොඳ නෑ කියලා, සීනි කෑම කන්න හොඳ නෑ කියලා එක පාරටම මතක් වෙනවා. මොකද හේතුව සාමාන්‍යයෙන් බිස්කට් පැකට් එකක් රුපියල් 100ට එහා. මාරි පැකට් එකක් රුපියල් 100යි. අනෙක් ඒවා 150, 160, 200, 220යි. හිතා ගන්න බැරි තරම් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එච්චරද?

තව තියෙනවා කතා කරනවා නම් ප්‍රශ්න ඕනෙ තරම්. මිල වැඩිවෙච්ච දේවල්, ගන්න නැති බඩු, හිතාගන්න බැරි විදියේ මිල ගණන් එක්ක තමයි අපි දැන් ඉන්නේ. පාන් ගෙඩියක් රුපියල් 200ට ගන්න වුණාම පාන් කන්න විදියක් නෑ කියලා දැනෙනකොට, බනිස් ගෙඩියක් රුපියල් 120යි, 130යි, සමහර තැන්වල රුපියල් 150යි. දවසින් දවස මේවායෙ මිල වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ. විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේවා එහෙට මෙහෙට කරන්න උත්සාහ කළත්, රුපියල් 50කින් වැඩි වෙලා රුපියල් 2කින් මිල අඩුවෙනවා. එතකොට මිනිස්සුන්ට ඒ මිල අඩුවීමෙන් ඇති වැඩේ මොකක්ද? අඩු වුණා කියලා ඉතිරි දෙන්න රුපියල් දෙකකුත් නෑ. සියල්ල උඩු යටිකුරු වෙලා කණපිට හැරිලා මිනිස්සුන්ට හිතාගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. තාමත් ප්‍රශ්නය ඔඩුදුවලා නෑ කියලයි අපට හිතෙන්නේ. අධ්‍යාපනයට මොකද මේ වෙනකොට වෙලා තියෙන්නේ? අධ්‍යාපනයට කටඋත්තර නැති වෙලා තියෙන්නේ සරලවම කියනවා නම් හිතාගන්න බැරි අනතුරුදායක තැනකට අධ්‍යාපනය ඇවිල්ලා තියෙන්නේ. හිතුණු හිතුණු දවසට ඉස්කෝල තියෙනවා, හිතුණු හිතුණු දවසට ඉස්කෝල වහනවා. ගුරුවරුන්ට ඉස්කෝලෙ එන්න බෑ, දරුවන්ට ඉස්කෝලෙ එන්න බෑ. ඉස්කෝලෙ රතු ඉරි ගහන්න බෑ. සතියට දවස් 3ක් විතරක් ඉස්කෝල පවත්වන තැනට අපි පත්වුණේ අපේ අධ්‍යාපනය මාර තැනකට ආපු නිසා නෙවෙයි. අපිට එක් කරගන්න බැරිව ගිය නිසා. ඉස්කෝල පවත්වාගන්න බැරුව ගිය නිසා. ඒ කියන්නේ අපි එතැනදී අසමත් වුණා. ආයෙත් කොවිඩ් ඔළුව උස්සනවා කියලා ඇත්තට හෝ බොරුවට කියනකොට අපිට පැහැදිලිව පේන ඉතා භයානක සත්‍යයක් තමයි ඉස්පිරිතාලවල බේත් නෑ කියන එක. ගිලන් රථවලට ඩීසල් නෑ. ඒ වගේම රටට අවශ්‍ය බෙහෙත් කිසිසේත්ම නෑ. වෙන්ටිලේටර් යන්ත්‍ර ඇතුළු බොහෝ උපකරණ ගෙන්වාගන්නවා තියා හිතන්නවත් බෑ. ඒ වගේම කොවිඩ් එන්නත් වෙනුවෙන් දෙන්න සල්ලි තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. මේ විදියෙ ලොකු අර්බුද ගොඩක අපි හිරවෙලා ඉන්නවා. බෙහෙත් ප්‍රශ්නෙ දරුණු විදියට දැනෙනකොට, සතෙක් සර්පයෙක් කෑවොත් ඒ මනුස්සයට දෙන්න එන්නතක් නැතිකොට, පිස්සු බලු එන්නත පිළිබඳ ප්‍රශ්න එනකොට හිතාගෙන ඉන්නවා නම් තෙල් ආවට පස්සේ සියල්ල ඉවර වේවි කියලා නෑ, ඒක නෙවෙයි ඇත්ත. මිනිස්සුන්ට කෑම බීම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. දරුවෙක්ට බිස්කට් පැකට් එකක් දෙන්න බැරි කාලයක් එනවා. කිරි පිටි පැකට් එක හීනයක් වෙන කාලයක් එනවා. මේ සියල්ලටම විසඳුම අයි.එම්.එෆ්. සහන කියලා හිතනවා නම් ඒක තමයි අපේ තියෙන ගොන්කම. නෑ, මේක අයි.එම්.එෆ්. සහනවලින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක ඉතා පැහැදිලියි. රටේ ආර්ථික අර්බුදය අවසානයේදී යම් විදියකට කර්මාන්ත ශාලා බිඳවැටුණොත්, ඒ තුළ රැකියා කරන මිනිස්සුන්ට රැකියා නැති වුණොත් මේක ඉතා නරක අතට හැරෙන්න නියමිතයි.

ඒ විතරක් නෙවෙයි ඩොලර් ප්‍රශ්නෙට එහා ගිහිල්ලා ආයෙත් රුපියල් පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපට වෙන්නේ ආයෙත් වතාවක් මුදල් අච්චු ගහන්න. මුදල් අච්චු නොගැහුවොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවාගන්න බැරි තැනකට රට පත්වෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් හෝ වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න රජයට සිදු නොවේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. බැරිවෙලා හරි එහෙම දෙයක් සිදුවුණොත් ඒ අයට තමන්ගෙ දරුවන්ගෙ අධ්‍යාපන කටයුත්තේ සිට බොහෝ දේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා කෙනෙක් හිතනවා නම් ගෑස් ආවම, පෙට්‍රල් ආවම ප්‍රශ්නෙ ඉවරයි කියලා, ඒක ලොකු මෝඩකමක්. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් වුණත් යොදන පැලැස්තර විසඳුම් මිසක් නිශ්චිත, නිවැරැදි ක්‍රමවේදයක් අපට පේනතෙක්මානෙකවත් නෑ. ඒ නිසා තවමත් අපි ඉන්නේ ගිලෙන නැවක. නැව ආයෙත් නොගිලෙන තැනට පත්වෙලා නිවැරැදි ඉලක්කයට යන්න පටන්ගනී කියලා කාට හරි හිතෙනවා නම්, ඒක ගිලෙන්න කලින් හිතෙන අහිංසක බලාපොරොත්තුවක් විතරයි. එහෙම නැතුව සාර්ථක විසඳුමක්වත්, නිවැරැදි පිළියමක්වත් හින්දා පේන්න තියෙන සත්‍යයක් නෙවෙයි. ඒ නිසා පරිස්සමට මේ ගමන යන්න වෙනවා. හැමෝටම වගකීමක් තියෙනවා. යුතුකමක් තියෙනවා. ඒ වගකීම යුතුකම තම තමන් වෙන වෙනම ඉගෙනගනිමු. මේ එළැඹෙන මාසය, ඔබේ ජීවිතේ සහ මගේ ජීවිතේ භයානකම සහ හිතාගන්න බැරි දේවල් ගොඩක් සිදුවෙන මාසයක් බවට පත්වේවි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලම ජන අප්‍රසාදයට පත් වෙලා! මහින්ද රාජපක්ෂ සෞඛ්‍ය ගැන හිතලවත් දැන් විශ්‍රාම යන්න ඕනෑ! හම්බන්තොට බළකොටුවටම ගිහින් අමරවීර පහර දෙයි!

Next Post

ඉදිරි ජන්දවලදී අලියයි-පොහොට්ටුවයි එක්ව තරග කරන බව රනිල් එජාප නියෝජිතයන්ට දැනුම් දෙයි! ඊළඟ සැරේ ශාලාව පිරෙන්න කට්ටිය ගේන්නත් කියයි!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.