යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබේ.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව ඇත.
කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී වාහනය ඉදිරියෙන් ගමන් කළ කුඩා ලොරි රථයක් චාවකච්චේරි දෙසට හැරී පිටුපසින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටී තිබේ.
අනතුරින් මන්ත්‍රීවරයා, ඔහුගේ සහයකයා මහ රථයේ රියදුරු තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධ චාවකච්චේරිය පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර පෙරේදා (14) දිනයේදී ද ජාතික ජනබලවේගයේ පුද්ගලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථයද රිය අනතුරකට ලක් විය.
ඒ පුත්තලම සිට මාදම්පේ හරහා කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී ය.










