පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා අද දිනයේදී වසන්ත සමරසිංහ මහතාට චෝදනා කරමින් අනුරාධපුරයේ ඉඩමක් සම්බන්ධ ඔප්පුවක් සභාගත කළේය.
මන්ත්රීවරයා කියා සිටියේ ලක්ෂ 500ක් වටිනා ඉඩමක් ලක්ෂ 50කට ලියා ඇති බවත්, වසන්ත සමරසිංහ මහතා වොෂ් එකක් දාගැනීමට පමණක් එම ස්ථානයට පැමිණෙන බවත්ය.
මෙහිදී වසන්ත සමරසිංහ මහතා ඊට පිළිතුරු ලබා දීමට උත්සාහ කිරීමත් සමග පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් මතුවිය.










