සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය තහනම් කිරීමේ සැලසුමක් පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්වෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී අනුර දිසානායක මහතාද කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වෙමින් සිටින බවය.










