රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරෙනු ඇත.
රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැළකිල්ලට ගත්විට එවැනි අධි සුඛෝපභෝගී වාහන ඉවත්කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් තිබේ.
ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ් / වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025‑03‑01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් ඉවත් කිරීමට සහ ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සිදු කරනු ඇත.










