10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩිවීමත් එක්ක ආන්දෝලනයට තුඩුදුන් වෛද්‍ය අර්චුනා රාමනාදන් මහත්මයා සමගයි අපි සාකච්ඡා කරන්නේ. මන්ත්‍රීමා ඇත්තටම මංගල සැසිවාරය දවසේ මොකද වුණේ? (Sri Lanka Latest News)
මම ඉස්සරහට ගිහිල්ලා වාඩිවුණා. ඊට පස්සේ තමයි කිව්වේ ඒක විපක්ෂ නායකවරයාගේ සාම්ප්‍රදායික පුටුවක් කියලා. එයාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස, ඒ අය ඔක්කොම වාඩිවෙන්නේ ඒ පුටුවේ කිව්වා. එතකොට මම කිව්වා, හරි, ඒ සම්ප්‍රදාය වෙනස් කරන්නයි ජනතාව දැන් ඡන්දේ දීලා තියෙන්නේ කියලා.
තාත්තගෙන් පුතාට යන සම්ප්‍රදායක් නෙවෙයි එතැන තියෙන්නේ. ඕනෙම පාර්ලිමේන්තුවක විපක්ෂ නායකවරයාගේ අසුන?
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දාලා තිබුණා නම් හරිනේ?
ඒ නිසා නෙවෙයිද නිලධාරියෙක් ඇවිල්ලා ඔබතුමාව දැනුවත් කරන්නේ මේක විපක්ෂ නායකතුමාගේ පුටුව, ඔබතුමා පිටිපස්සට ගිහින් වාඩිවෙන්න කියලා?
එයා කැමැති පුටුව කියලයි කිව්වේ.
කැමැති පුටුවක් කියලා නෙවෙයි කියන්නේ?
ලයිව් වීඩියෝ එකේ ඇහුණේ පොඩ්ඩයිනේ. හතර පස් දෙනෙක් ඇවිල්ලා කිව්වා, මේ විපක්ෂ නායක හැමදාම වාඩිවෙන්නේ මෙතැනලු. ඊට පස්සේ දැනගත්තේ එයා ඡන්දේ දුන්නේ මෙයාට කියලා.
කාට ඡන්දේ දුන්නත් සම්ප්‍රදායානුකූල විපක්ෂ නායකවරයාගේ පුටුවේ ඉඳගැනීම ඉස්කෝලේ කාලේ ඔබතුමා ගිහින් ප්‍රින්සිපල්ගේ පුටුවේ වාඩිවුණා වගේ වැඩක්නේ?
සම්ප්‍රදාය විදියට අපි කොමෝඩ් එකට එන්න කලින් අපි වැසිකිළි ගියේ එක එක තැන්වල. ඒ කාලේ අපි හෝදන්නේ නෑ.
ඒක සම්ප්‍රදායක් නෙවෙයිනේ. ඒ කාලේ ටොයිලට් තිබුණේ නෑ. ඒ නිසයි තැන් තැන්වල ගියේ.
ඒක අයින් කරමුකෝ. අපි වෙන රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවාම පේනවා අපි අවුරුදු 50ක් පිටිපස්සෙන් ඉන්නේ.
ඔබතුමා විපක්ෂ නායකතුමාගේ පුටුවේ ඉඳගෙන ඉන්නකොට සේවකයෙක් දැනුවත් කරලා තියෙද්දිත් ඒ පුටුවේ වාඩිවී සිටීම හරිද?
එයා ඇවිල්ලා මට කිව්වා අනේ ඩොක්ටර් මේක විපක්ෂ නායකගේ පුටුව. මේකේ වාඩිවෙන්න බෑ කිව්වා. ඒ වෙලාවේ මම පටුවෙන් නැගිටලා ගියා කියන්නේ අපේ දෙමළ මිනිස්සු පැරැදෙනවා.
ඔබතුමා කොහොමද කියන්නේ පරදිනවා කියලා?
පරදිනවා කියන්නේ මෙච්චර කාලයක් ඕගොල්ලන්ට දෙමළ මන්ත්‍රී කෙනකුට පුටුවක්වත් දෙන්න බැරිනම්…
එහෙම දෙයක් නෑනේ. එතැන ආසන වෙන්කරලා තියෙනවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට?
වෙන්කරලා නෑ කියලා දැන් මෙච්චර වෙලා කියනවනේ. මම විවාදවලට ගෝල්ඩ් මෙඩ්ල් ගත්තු කෙනෙක්.
අනුර කුමාර දිසානායක මහත්මයට උතුරෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාදීලා තියෙන්නේ ජාතිවාදය කියන එක ඉවත් කරන්නනේ. උතුරේ ජනතාවත් ඒක පිළිඅරගෙන තියෙනවා. නමුත් ඔබතුමා කියනවා ඔබතුමා දෙමළ හින්දලු නැගිට්ටවලා යවන්න හැදුවේ කියලා?
කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වැඩිය වැටිලා තියෙන්නේ ටී.එන්.ඒ. එකට. මගේ දිස්ත්‍රික්කයෙන් වැටිලා තියෙන්නේ 6900ක් මට මගේ ඡන්ද. කවුද කියන්නේ එන්.පී.පී. එකට දීලා තියෙනවා කියලා. මම ත්‍රස්තවාදියෙක් නම් මම කාටද සපෝර්ට් නොකර ඉන්න ඕනේ? මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කළා. එයාගේ ලේකම් මට කතාකරලා කිව්වා ඇවිල්ලා මුණගැහෙන්න කියලා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව වීඩියෝ කරන්න බෑ. නමුත් ඔබතුමා මේ සිදුවීම වීඩියෝ කරනවා?
එතකොට පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ ෆෝන් එක අරගෙන යන්න බෑ කියලා.
ෆෝන් එක ඇතුළට අරගෙන යන්න පුළුවන්. නමුත් වීඩියෝ කරන්න තමයි අවස්ථාව නැත්තේ?
එතැන පඩි ගන්න කට්ටිය හිටියනේ. එතැන සෙකටි්‍ර ජෙනරල් ඉන්නවනේ. ඒ කට්ටිය මට කියන්න ඕනේ ඩොක්ටර් ෆෝන් එක අරගෙන යන්නේ කතාකරන්න විතරයි, වීඩියෝ කරන්න බෑ කියලා. දැන් මම දන්නවා ලයිව් දාන්න බෑ, වීඩියෝ දාන්න බෑ කියලා.
දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේදී කරපු වීඩියෝ එකේදී අන්තිමටම සඳහන් කරන වචනය මොකක්ද?
ෂ.ප ෘරග ඍ්ප්බ්ා්බ ්රජයමබ් රෙදප ඕපසක ෑක්ප. ඊළාම් කියන්නේ 1600 කාලේ දෙමළ පොත්වල ලියලා තියෙන්නේ ඊළාම් කියලා. දෙමළ ඊළාම් කියන්නේ දෙමළ මිනිස්සු හිටපු තැනක්. ඒක තමයි ප්‍රභාකරන් අපේ දෙවියෝ, ඒක අපිට දෙන්න. ඕගොල්ලෝ අපිව මරනවා නම් අපිට වෙන්කරලා දෙන්න, අපි පාඩුවේ ඉන්නම්.
‘ප්‍රභාකරන් දෙයියෝ’ කියලා ඔබතුමා කියන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව?
දෙමළ මිනිස්සු හැමෝම එයාට ආදරේ නිසා වඳිනවා. එච්චරයි.
ඔබතුමාගේ පියා වැඩකළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නඩේසන්ගේ දෙවැනියා විදියටද?
ඔව්.
ලංකාවේ සහ රටවල් රැසක එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කියන එක ඔබතුමා දන්නවද?
මම දන්නවා ඒක. ඡරුඩැබඑසදබ දf ඔැරරදරසිප ්ජඑ එක. ඒකේ තියෙන්නේ නැවත කොටි සංවිධානය හදන්න උත්සාහ කරනවා නම් ඒක වැරැදියි කියලා. මම අහන්නේ කොටි සංවිධානයට ගිහිල්ලා මැරිච්ච අපේ මිනිස්සු මතක් කරන්න අපිට අයිතියක් තියෙනවද? නැද්ද?
ඔබතුමා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනවා මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට?
අනිවාර්යයෙන්.
එහෙම දිවුරුම් දෙන අතරවාරයේ ඔබතුමා සඳහන් කරනවා ලංකාවේ තහනම් සංවිධානයක නායකයා දෙවියෙක් කියලා. ඔබතුමා ඒ පිළිබඳ අගයමින් කතා කරනවා. මේක ඔබතුමා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ පාර්ලිමේන්තුවට ඔබතුමා ලබාදීපු දිවුරුම කඩකිරීමක් නෙවෙයිද?
මට ඇත්තටම එච්චර පොතේ හැටියට සිංහල තේරෙන්නේ නෑ. එයා රණ්ඩු වුණේ ඇත්තටම කියනවා නම් සිංහල එක්කෙනෙක් මේ වගේ කෝට් දාගෙන නිදහසේ ඉන්න පුළුවන් නම් දෙමළ එක්කෙනාටත් ඒ නිදහස ඕනේ කියන එක වෙනුවෙනුයි.
ඒ ඊළම ඔබතුමාලට තවදුරටත් අවශ්‍යද?
මගේ බිරිඳ සිංහල. එයාගේ අතේ තියෙන්නේ පිරිත් නූල. එහෙනම් කොහොමද මම ඊළම ඉල්ලන්නේ?
ඔබතුමා ඒක හොඳයි කියන්නේ කොහොමද එහෙනම්?
හොඳයි නම් හොඳ තමයි කියන්නේ. 1983 කාලේ නම් දෙමළ මිනිස්සු මැරෙනකොට එයාලා බේරෙන්න ඕනේ නිසා තුවක්කුවක් අතට ගත්තා. දැන් කවුරුත් මැරෙන්නේ නෑනේ. ඒ හින්දා තුවක්කු ගන්න අවශ්‍ය නෑ. එතකොට මම කියන්නේ උතුරයි නැගෙනහිරයි ඕගොල්ලන්ට කැමැත්තක් නැත්නම් පාලනය වෙන්නේ වෙනම විදියට. මම කියන්නේ ඇත්ත. ප්‍රභාකරන් දෙයියෝ කියලා දෙමළ මිනිස්සු හිතනවද නැද්ද කියලා ඇහුවොත් මම කියනවා හිතනවා කියලා. හැබැයි දෙමළ මිනිස්සුන්ට අද හරි හෙට හරි දෙමළ ඊළම හදන්න පුළුවන්ද? කාටවත් බෑ.
හැබැයි ඔබතුමාට ඒ විදියට දෙමළ ඊළමක් හදන්න ඕනේ නැත්නම් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ එකට එල්.ටී.ටී.ඊ, එකේ ජාතික පුෂ්පය දාගෙන ඉන්නේ ඇයි?
ඒ පුෂ්පය දාන්නේ අපේ හිත හදන්න. ජේ.වී.පී. කියන්නේ ත්‍රස්තවාදී කියලා එදා හිටපු ආණ්ඩුවෙන් කිව්වද නැද්ද?
දැන් ජේ.වී.පී. එක ත්‍රස්තවාදී සංවිධානයක් විදියට තහනම් කරලා නෑනේ?
ඒක වැරැදියි. ඒක තමයි මම කියන්නේ. සිංහල මිනිස්සු තුවක්කුවක් අරගෙන ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරනකොට ත්‍රස්තවාදීන් වුණේ නෑ. දෙමළ මිනිස්සු ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරනකොට තමයි ත්‍රස්තවාදීන් වුණේ.
දෙමළ මිනිස්සු නෙවෙයි, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය?
මම නම් කියන්නේ එහෙම නෙවෙයි. ඇත්තම කියනවා නම් හැම පවුලෙම එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා තියෙනවා.
ඔබ කියන්නේ උතුරෙයි නැගෙනහිරයි ඉන්න සියලු දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධයි කියලද?
100%ක් නෙවෙයි 101%ක්.
අනවශ්‍ය විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම මත බොහෝ විට ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙන්න පුළුවන්. මොකද සිවිල් සංවිධානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා තියෙනවා?
මම ත්‍රස්තවාදය වැළෑක්වීමේ පනත යටතේ හෝ ඕනෑම නීතියක් යටතේ ඇතුළට යන්න කැමැතියි. හැබැයි ඇත්ත කියලා යන්න කැමැතියි. නඩු දාන්න පුළුවන්. කිසි අවුලක් නෑ.
ඔබතුමා ජාතිවාදය අවුස්සන්න නේද මේ හදන්නේ? උතුරේ ජනතාවගෙන් පෙරළුණු ජාතිවාදය ඔබතුමා නැවත අවුස්සන්න හදනවා කියලයි මට පේන්නේ?
මගේ අතේ තියෙන්නේ පිරිත් නූලක්. මගේ බිරිඳ වැලිමඩ සිංහල කෙනෙක්. එතකොට මට කියන්න ජාතිවාදය අවුස්සලා මට ගෙදර ගිහින් කෑම කන්න පුළුවන්ද?
ඔබතුමාට පාර්ලිමේන්තු එන්නත් ලොකු උදව්වක් වෙන්න ඇතිනේ උතුරේ ජාතිවාදය ඇවිස්සීම?
ඔබ විශ්වාස කරනවා නම් කරන්න. පිටරට ඉන්න අපේ දෙමළ මිනිස්සු කියන්නේ අපි රණ්ඩු වුණා ඇති කියලා. කොටි සංවිධානයේ නැව් 10ක් විතර තාම දුවනවා.
කොහෙද ඒවා තියෙන්නේ?
ඇමෙරිකාවේ සහ තවත් රටවල. ඔයා හිතනවද මට 27000ක ඡන්දයක් ගන්න පුළුවන් කියලා කවුරුවත් උදව් කරන්නේ නැතුව? ඒ මිනිස්සු මට උදව් කරනකොට ඉල්ලුවේ මේක විතරයි. අපේ අයියලා මල්ලිලාව නිදහස් කරන්න කියන්න, අපිට ආපහු රටට එන්න පුළුවන් විදියට හදන්න කියන්න, අපිටත් ඕනේ ඇවිල්ලා සුදු බත් කන්න, අපි උතුරයි නැගෙනහිරයි හදාගන්නම්, අපි ඒකට සල්ලි දාන්නම්, ෆැක්ටි්‍ර හදන්නම්, ආණ්ඩුවත් එක්ක කතා කරන්නම්, ඔයා මැද ඉඳගෙන පාලමක් විදියට කතාකරන්න කියලා.
ඔබතුමාගේ ඉතිහාසය ගැන හොයලා බැලුවාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අනුව ඔබතුමාව දැනටමත් වැඩ තහනමට ලක්කරලා තියෙන්නේ වෛද්‍යවරයෙක් විදියට නුසුදුසු ලෙස හැසිරීම කියන කාරණාව නිසා. ජනතාවට වුණත් හිතෙන්න පුළුවන් ඔබතුමා කරන ප්‍රකාශ සහ පළකරන වීඩියෝ දැක්කම ඇත්තටම ඔබතුමාට පිස්සු කියලා?
එහෙනම් විපක්ෂ නායකට පිස්සු කියලා කොච්චර වීඩියෝ දැම්මද? ඒවා දේශපාලනය. ඔයා අකැමැති දෙයක් කිව්වොත් ඔයා කියනවා මට පිස්සු කියලා.
Ada Derana යූටියුබ් නාලිකාවෙනි










