අද පැවැත්වෙන ජනක රත්නායක මහතා තනතුරින් ඉවත් කිරීමේ ඡන්ද විමසීම සදහා අනුරාධපුරයේ සිට පොහොට්ටුවේ මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා ගිලන් රථයකින් මේ වනවිට පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතා මේ වනතෙක් පාර්ලිමේන්තුවට පැමිණ නැති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.










