ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) රාත්‍රී යළි දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News
ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.
පසුගිය 15 වැනි දා ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ සිය මංගල විදෙස් සංචාරය ලෙසින්ය.
එහිදී ඉන්දීය ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළපෙළේ නිලධාරීන් රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළේ ය.
මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.










