ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News
ඒ මහතා මේ බව මදහන් කර සිටියේ අද දින (2024.04.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එසේ මැතිවරණ දෙකම එකම දින පැවැත්වුව හොත් එය රටට අවාසිදාය බව ප්‍රකාශකල මන්ත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
ප්‍රශ්නය
ඉන්දියාවෙන් කරන ලද සමීක්ෂණයකට අනුව අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් ඉන්න නිසා තමයි ඉන්දියාව ඔහුට එම රටට එන්න කියලා ආරාධනා කරේ කියලා රාවයක් යනවා නේද?Sri Lanka Latest News
පිළිතුර
දැන් කවුද ඔය ඉන්දියානු සමීක්ෂණය කළා කියන්නේ. කවුද ඒක දැක්කේ? ජනතා විමුක්ති පෙරමුණ ඕක දැක්කනම් ඕක හරි වටිනා දෙයක්නේ. එහෙනම් ඒක වහාම ප්‍රසිද්ධ කරන එකයි කළ යුත්තේ. මේ රටේ ජනතාව බත් වෙනුවට කන්නේ තණකොළ කියලා හිතාගෙන සමහරු හිතලු විදිහට කියන දේවල් ඔය. ඔහොම විද්‍යාත්මක සමීක්ෂණයක් මම නම් දැකලා නැහැ. අනුර කුමාර මැතිතුමා ගාව තියෙනවා නම් කරුණාකරලා ප්‍රසිද්ධ කරන්න. ජවිපෙ නටවන ඕනෑම රාජ්‍යයක් ස්වාධීන මත විමසුමක් කරලා තියෙනවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න. ජනතා විමුක්ති පෙරමුණ යම් රැල්ලක් හදාගත්තත් ඉන්දියානු සංචාරයෙන් අමූල් සමාගම සම්බන්ධ තමන්ගේ දෙබිඩ පිළිවෙත හෙළිදරව් කිරීමෙන් එක වතාවක් වලේ වැටුණා. ඒ වලින් ගොඩ යන්නත් කලින් කැනඩාවෙ ගිහිල්ලා කොටි බෙදුම්වාදීන් සමඟ පෙනී ඉඳලා පෙරටත් වඩා ගැඹුරු වලක වැටුණා. දැන් ජවිපේ ගොඩ එන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ. කැනඩා සංචාරයට කලින් කරපු ජනමත විචාර නම් දැන් කොහොමත් වලංගු නෑ. මේ සංචාර දෙක හරහා ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගත නොහැකි වලක ඇද දමා තිබෙනවා.
ප්‍රශ්නය










