පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදුනොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණයක් ගෙන තිබෙනවා. Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කරනු ලැබුවා.
එහිදී ඔහු සඳහන් කළේ, පසුගිය ජනාධිපතිවරුන් මෙන් වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක පවුලේ පිරිස සම්බන්ධ කරගෙන අවුරුදු නැකැත් ඉටු කිරීමේ අවස්ථාවන්වල රූපවාහිනී විකාශයන් ජනපතිවරයාගේ තීරණයක් මත මෙවර සිදු නොකෙරෙන බවයි.
එමෙන්ම, අගමැති, ආචාර්‍ය, හරිනි අමරසූරිය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කළා.










