‘රාජ්‍ය රහස්’ තීරය මගින් මේ කියන්න යන්නේද මෙතෙක් කිසිදු මාධ්‍යයක පළ නොවූ තවත් සිදුවීමකි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවූ සිව්වැනි වාරිකය පිළිබඳවය. ශ්‍රී ලංකාවට මෙම තුන්වැනි වාරිකය ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව වොෂින්ටනයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 28 වැනි දිනය. කෙසේ වෙතත් අවසන් මොහොතේ මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කටයුතුවල පැවැති යම් අතපසුවීමක් හේතුවෙන් සිව්වැනි වාරිකය ලබාගැනීමට අත්‍යවශ්‍යම තීන්දු තීරණ කිහිපයක් මූල්‍ය අරමුදල වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නොහැකි වී තිබිණි. මේ තත්ත්වය යටතේ මූල්‍ය අරමුදල තීන්දු කොට තිබුණේ එක්කෝ 28 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ලංකාව සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාව කල්දැමීමට හෝ සිව්වැනි ණය වාරිකය ලංකාවට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමටය.Sri Lanka Latest News
අනුරට පණිවුඩයක්
කෙසේ වෙතත් මතුව ඇති මෙම තත්ත්වය අවසන් මොහොතේ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාටද දැනුම්දීමට පියවර ගනු ලැබිණි. එහිදී කලබලයට පත්වූ ජනාධිපතිවරයා දහසක් රාජකාරි මැද වහාම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අමාත්‍යාංශය පැත්තෙන් ලබාදිය යුතු තීන්දු තීරණ මූල්‍ය අරමුදල වෙත ලබාදීමට පියවර ගත්තේය. මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන සිව්වැනි වාරික මුදල නිදහස් කිරීමට තීන්දු කළේ ඉන් අනතුරුවය. එසේ නොවුණා නම් මෙවර ලංකාවට හිමිවිය යුතු වාරිකය කල් ගොස් ආණ්ඩුව පත්වන්නට තිබුණේ හද්ද අමාරුවකය.
රාජ්‍ය රහස්










