• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අනුරාධපුරේදී ‘හිමිකම’ දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
අනුර අනුරාධපුරේදී ‘හිමිකම’ දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැව් ගමනාගමනය සහ ගුවන් ගමනාගමනය, මුළුමනින්ම නතර වී බොහෝ රාජ්‍යයන් තමන්ගේ සීමාවලට කොටු වූ කොවිඩ් වසංගය හමුවේ ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම ලෝකයටම ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබෙන අතර, රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවටත්, පුරවැසියාගේ ආරක්ෂාවටත් ඉතා වැදගත් බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාව සඳහා සැලසුම් සකස් කරන අතරම විධිමත් අධ්‍යයනයකින් පසු යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසරපත්‍ර සහ දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතාවලට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව, මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසරපත්‍ර හා දීමනාපත්‍රවල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසරපත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍රය ලබා දීම සිදු කෙරෙන අතර වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

අද (27) දින අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500ක් ප්‍රතිලාභීන් වෙත බෙදා දීම සිදු කෙරුණු අතර, ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ප්‍රතිලාභීන් 50 දෙනෙකු වෙත ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ප්‍රදානය කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ලෝකයකට ප්‍රවිශ්ට වීමේදී ජනතාවගේ ඉඩම් සංකීර්ණ නීතිවලින් බැඳ තැබීම අවශ්‍ය නොවන බව තම රජය විශ්වාස කරන බවයි. එබැවින්, ජනතාවට නිදහසේ ආර්ථික ක්‍රියාකාරකම්වල නියැළීමට පහසු වන පරිදි නිදහස් බලපත්‍රයක් ලබා දීමට තීරණය කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා එම ඉඩම ආරක්ෂා කර ගනිමින් තමන්ගෙන් පසු දරුවන්ට පවරා දීමේ වගකීම ඉටුකරන ලෙස ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා මෙහිදී සඳහන් කළේ පසුගිය රජය විසින් ක්‍රියාත්මක කරන ලද උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ තුළ තිබූ ගැටලු නිරාකරණය කරමින් විධිමත් සැලැස්මක් යටතේ හිමිකම ඉඩම් නිදහස්පත්‍ර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන්ම රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය වත්මන් රජය අවසන් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා අදහස් දක්වමින් පළමුවතාවට දේශපාලන අරමුණකින් තොරව ඉඩම්වල අයිතිය ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි දන්නවා අපේ රටේ සංස්කෘතිය සමඟ බලන විට ඉඩමක් කියන්නේ දේපොළක්ම නොවෙයි. ඉඩමක් කියන්නේ ඥාතිත්වය. අපි හැම කෙනාටම අපේ දෙමාපියන්, මුතුන් මිත්තන් සහ ඉඩම් සමඟ ගැටගැසුණු ඥාතිත්වයක් තිබෙනවා. ඒ නිසා ඉඩම් සහ බැඳුණු සංස්කෘතියක් අපිට තිබෙනවා. ඒ වගේම ආර්ථිකමය ලෙස ගත්තත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් අපි නියෝජනය කරනවා. එහිදීත් අපිට වැදගත්ම දේ වන්නේ ඉඩම. ඒ නිසා සියලුදෙනා තුළම තමන්ගේම ඉඩමක් පිළිබඳ සිහිනයක් තිබෙනවා.

එහෙත් අපේ රට ලෝකයේ බොහොමයක් රාජ්‍ය සමඟ සංසන්දනය කර බැලූ විට කුඩා භූමි ප්‍රමාණයක් තිබෙන රාජ්‍යයක්. ඒ වගේම මිලියන 22කට අධික ජනගහණයක් අපේ රටේ සිටිනවා. ආසන්න වශයෙන් ගත්තොත් වර්ගකිලෝමීටරයකට, 350කට ආසන්න ජනතාවක් ජීවත් වෙනවා.

ඒ නිසා අපි දැන්වත් නිසි ඉඩම් කළමනාකරණ ප්‍රතිපත්තියකට ගියේ නැත්නම් අපේ අනාගතය මේ ඉඩම් සමඟ විශාල ආරවුලකට පත් වෙනවා. ඒ වගේම ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ මුළුමනින්ම බිඳ වැටීමේ අනතුරකට අපි මුහුණ දෙනවා.

අපි අනාගතය දෙස අවධානය යොමු කරන විට තනි තනි නිවාස හදනවාද කියන ප්‍රශ්නය පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එසේ නොමැති වුවහොත් අපේ මුළු ඉඩම් ප්‍රමාණයම නිවාසවලින් යට වනවා මිස ආර්ථික උපායමාර්ග සලසා ගත නොහැකි වෙනවා. ඒ නිසා ඉඩම් පිළිබඳ ඉතා හොඳ විද්‍යාත්මක, සංඛ්‍යා දත්ත, ආර්ථික අවශ්‍යතා මත සැලසුම් කළ නව ඉඩම් පරිහරණ සැලැස්මක් සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. එය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබෙන අතර, අපි ඒ සඳහා මෙවර අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

ඉඩම් අපේ ආර්ථිකයේ ප්‍රධාන හවුල්කරුවෙකු නිසා ඉඩම් සමඟ මතු වූ විශාල ආරවුල් ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඉඩම් නීතිවල පවතින සංකීර්ණතා අපි නිරාකරණය කර ගත යුතු වෙනවා. හැබැයි එක යුගයකදී අපිට මේ සංකීර්ණතා අවශ්‍ය වුණා. මොකද ඉඩම් අපේ රටේ පුරවැසියන් අතේ රඳා පවතින්නේ නැහැ. ජනතාව අත ඉඩම් රඳා පැවතීමට නම් ජනතාවට ඉඩම් ලබා දීමේදී යම් කොන්දේසි සහිතව ඉඩම් ලබා දීමේ වරදක් නැහැ.

එදා ජය භූමි, ස්වරණ භූමි, රත්න භූමි නමින් විවිධ ලේබල් යටතේ ඉඩම් ලබා දී තිබුණා. මේ සියල්ල කොන්දේසි සහිත ඉඩම්. හැබැයි දැන් අපි අලුත් ලෝකයකට ප්‍රවිශිෂ්ට වෙනවා. ඒ නිසා මම හිතන්නේ නැහැ තවත් සංකීර්ණ නීතිවලින් අපි ජනතාවගේ ඉඩම් බැඳ තැබිය යුතුයි කියලා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නියැළීමට පහසු වන පරිදි නිදහස් බලපත්‍රයක් ලබා දිය යුතුයි කියා අපි තීරණය කර තිබෙනවා. ඒ අනුව තමයි නිදහස් බලපත්‍රයක් ලෙස මෙම හිමිකම ඔප්පු ප්‍රදානය සිදු කෙරෙන්නේ.

මෙහිදී වැදගත් දෙයක් තිබෙනවා. අතීතයේදී අපේ ගම්වල ජනතාව අත ඉඩම රඳා පැවතුනේ නීතිය නිසා. එම නීති නිසා ඉඩම විකුණා දැමීමට හෝ උකස් තැබීමට හැකියාවක් තිබුණේ නැහැ. දැන් නිදහස් බලපත්‍රයක් ලබා දීමෙන් පසු මේ සියල්ල සිදු කළ හැකියි. එසේ නම් ජනතාව තමන්ගේ ඉඩම බැහැර කරයිද කියන අනතුර තිබෙනවා. ඒ නිසා මෙම හිමිකම දීමනාපත්‍රය ලබා ගත් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා ඔබට, ඔබගේ දරුවන්ට හිමි එම ඉඩම විකුණා දමන්න එපා කියලා.

ඔබ එය ආරක්ෂා කළ යුතුයි. ඔබගේ ආර්ථික වුවමනාවන් අපි ඉටු කරන්නම්. ආර්ථික අවශ්‍යතා ඉටු නොවුණහොත් තමයි අවසානයේ තම ඉඩම විකුණා දමන්නේ. එය ඔබ කරන්නේ කැමැත්තකින් නොවෙයි, කිරීමට අන් කිසිවක් නොමැති නිසා බව අපි දන්නවා.

ඒ වගේම අපි මුහුණ දී තිබෙන අනෙක් ගැටලුව තමයි අපි විශාල කාලයක් අපේ ඉඩම් භාවිත කර තිබුණේ එම යුගයේ තිබෙන ආර්ථික උපායමාර්ගයට සමානුපාතිකවයි. අපි අපේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් වෙන් කරන ගමන්, ඉඩම් යම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගයන්ට අනුරූප වන පරිදි නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෑමවිටම ලෝකයේ රටවල් සංවර්ධන ජයග්‍රහණයන් අත්පත් කර ගන්නේ ඒ අවස්ථාවේ තිබෙන තාක්ෂණය උකහා ගැනීමට සමත් වුවහොත් පමණයි. ඒ අවස්ථාවේ ඇති වන තාක්ෂණය, කර්මාන්ත සහ විද්‍යාවේ දියුණුව එම අවස්ථාවේ උකහා ගැනීමට අසමත් වුවහොත් ලෝකය අතර ඇති නැති පරතරය තව තව වර්ධනය වෙනවා. අපිට එය සිදු වුණා.

විශේෂයෙන් 20වන සියවසේදී ලෝකය තාක්ෂණයේ සහ විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කරගත්තා. හැබැයි ඊට අනුරූප වන පරිදි ආපේ ආර්ථික වැඩපිළිවෙළ පරිවර්තනය කර ගැනීමට අපි අසමත් වුණා. ඒ නිසා ලෝකයේ වෙළෙඳපොළ සහ අපේ නිෂ්පාදන අතර ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

ඒ නිසා වර්තමානයේ ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්ෂණය සහ විද්‍යාව මත ගොඩනැඟුණු ආර්ථිකයකට අවශ්‍ය යටිතල පහසුකම් අපි සංවර්ධනය කළ යුතුයි. විශේෂයෙන් මේ යුගය තාක්ෂණ ලෝකයේ විශාල පිමි පනින යුගයක්. විද්‍යාව සහ තාක්ෂණය මත ගොඩනැගුණු කර්මාන්ත ගෙන ඒමට අපි මෙම යුගයේදී අසමත් වුවහොත් අපේ රටවල් අතර ඇති නැති පරතරය තවත් වැඩි වෙනවා. ඒ නිසා අපි යම් ඉඩම් ප්‍රමාණයක් මේ නව ආර්ථික උපායමාර්ගයන්ට වෙන් කළ යුතුයි කියා සැලසුම් කර තිබෙනවා.

අපිට පුළුවන් නම් AI මධ්‍යස්ථානයක් දාන්න අපේ ගොවිපොළක් ඒ වෙනුවෙන් වෙන් කිරීම වැරදි නැහැ. හරිත බලශක්ති උද්‍යානයක් ඇති කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ගොවිපොළක් වෙන් කිරීම වැරදි නැහැ. මොකද වර්තමාන ලෝකයේ තිබෙන තාක්ෂණය සහ විද්‍යාව සමඟ සමානුපාතිකව ඉදිරියට යාමට නම් ඒ තාක්ෂණය සහ ඒ මත ගොඩනැගුණු කර්මාන්තවලට අවස්ථාව ලබා දිය යුතුයි. වර්තමානයේ අත්පත් කරගෙන තිබෙන තාක්ෂණික සහ විද්‍යාවේ දියුණුව විසින් නිර්මාණය කරනු ලැබ තිබෙන ආර්ථිකයන් අපේ රටට කැඳවා ගැනීම අප රජයේ අපේක්ෂාවයි. එසේ නොමැතිව අපේ ඉඩම් පැරණි උරුම ආර්ථිකයකට යට කර තැබීම විද්‍යාත්මක වශයෙන් එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි.

අපේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ අපි ආර්ථික වශයෙන් අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ග්‍රාමීය ජනතාව අතරට ගෙන යාමයි. අපි ආර්ථික වශයෙන් මේ වන විට විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. අපිට දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීමට හැකි වූයේ එම ආර්ථික ස්ථාවරත්වය නිසයි. දිට්වා ආපදා තත්ත්වය නිසා කිසිදු සංවර්ධන කාර්යයක් අතරමඟ නතර වෙලා නැහැ. එම කාර්යයන් සඳහා වෙන් කළ ප්‍රතිපාදන එලෙසම යොදවා තිබෙනවා. ඒ වගේම දිට්වා ආපදා තත්ත්වය හමුවේ යළි ගොඩනැගීම වෙනුවෙනුත් මුදල් වෙන් කර තිබෙනවා. ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන අන්දමින් අපි ආර්ථිකය ගොඩනැගිය යුතුයි. ඒ වගේ අපේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ දුප්පත්කම තුරන් කිරීමයි. එය සමාජ ඛේදවාචකයක්. එම සමාජ ඛේදවාචකය අවසන් කිරීම සඳහා අපි සියලුදෙනාටම කාර්යභාරයක් තිබෙනවා. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ඉඩම් නිදහස් දීමනාපත්‍ර ලබා දීම හැඳින්විය හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහ ප්‍රතිලාභී ජනතාවද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of one or more people, people smiling and dais
May be an image of one or more people, dais and text
May be an image of one or more people and dais
May be an image of one or more people, people smiling and dais
May be an image of one or more people and dais
May be an image of one or more people, dais and text
SendShareShare
Previous Post

ජයසූරියටත් එපා වෙයි! තව කල් තිබ්බත් අද මැච් එකෙන් පස්සෙ ගෙදර යයි! I Sri Lanka Latest News

Next Post

සලේ දින 90ක් ඇතුළේ..! I Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.