• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම එකට ජාතික සභාවේදී අල්ලන කුඩු ඉක්මනින්ම විනාශ කරන නීති හදන්න අනුර උපදෙස් දෙයි! පහුගිය දවසක කුඩු අල්ලන වැඩේට බැන්න සංගීත් විජේසූරියත් ඇවිත්! අද නම් කියන්නේ වෙන කතාවක්! VIDEO I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරිමටද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දෙයි Sri Lanka Latest News

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබඳව සමාජයේ විවිධ මත සහ අදහස් පවතින බවද, ඒවා ඇතැම් විට එකිනෙකට පරස්පර ඒවා බවද, ඒ සියලු අදහස් එකතු කරගනිමින් නව වැඩපිළිවෙළක් කාටත් පිළිගත හැකි පරිදි සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසුවේය. එම තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනැඟීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. මීට ප්‍රථම ලබා දුන් උපදෙස් අනුව මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති අතර, අද දිනයේ සාකච්ඡා කළ කරුණුද සැලකිල්ලට ගනිමින් කඩිනම්ව එම කටයුතු අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට එම ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට, රස පරීක්ෂකවරයා කැඳවා එහි සාම්පලයක් ලබා ගැනීමට සහ ඉන් අනතුරුව, අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරිමට හැකි වන පරිදි මෙම නීති සකස් කරන ලෙසද ජනාධිපතිවරයා පැවසුවේය.

දැනට සැලසුම් කර ඇති පරිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින රස පරීක්ෂක තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකිමේ ‘ඉවත් වෙනු- රටම එකට’ වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 06, 07 දෙදින තුළ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරිමටද සැලසුම් කර ඇත.

සියලුම රාජ්‍ය ආයතන විෂ මත්ද්‍රව්‍යවලින් තොර බවට සහතිකයක් දීමට අදාළ පාලනය සමත් විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කුප්පියාවත්තේ බෝධානන්ද නායක හිමි ඇතුළු හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික නායකයෝද, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. පී. සේනාධීර, වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්න ඇතුළු රටම එකට ජාතික මෙහෙයුම් සභාව නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025.11.25

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්! තක්කඩි වැඩ කරන්න එපා හලෝ! මිනිස්සු දැන් මගේ සිංදු අහන්නෙත් නෑ!

ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම සංදර්ශනයක් පමණක් බව ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවන සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

“අනුර කළුයි මිටියි ගමේ එකා කියද්දි මට හිතුණා අනුර ගේමක් ගහයි කියලා. මට අනුරගෙන් පෞද්ගලිකව ලැබුණු දෙයක් නෑ. අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට.

මේ ආණ්ඩුව දැන් කුඩු අල්ලනවා නෙ කිලෝ ගණන්. ඒවාට මොනවාද වෙන්නේ. සංදර්ශන විතරයි. මේ ආණ්ඩුව ඒක හදන්නේ නෑ. මට වෛරයක් නෑ. පපුව ඇතුළේ සාමාන්‍ය වෛරයක් තියෙනවා. මාලිමාවේ එකෙක් එහෙම කරනවා නම් ඒක වැරදියි. මාලිමාව වැරදි නම් කතා කරන්න එපා කියලා ද කියන්නේ. උඹලත් එහෙම කරනවා නම් උඹලා ලැජ්ජා වෙන්න ඕන. මාලිමාවේ නෙමෙයි මොකා වුණත්.

අද ජනාධිපති හමුවුණාට පස්සෙ කියපු කතාව!

SendShareShare
Previous Post

ඊයේ පොහොට්ටුවයි යූඑන්පී එකයි එකට වාඩිවුණා! අද පොහොට්ටු මාධ්‍ය සාකච්ඡාවේ විපක්ෂනායක සජිත්ට ගහනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රාගම දේවාලයෙන් මහා දේව කන්නලව්වක් ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.