• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපහු ජල ගැල්මක් එනවා! ජනවාරි මාර්තු වෙද්දී ආර්ථික පීඩනයක්! දෙසැම්බරයේ දේශපාලන කුණාටුවක්! 2027 මාර්තුවේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වෙනවා! 25-26 ගැන හරියටම අනාවැකි කියපු ජ්‍යොතිෂවේදී KCJගේ අලුත්ම අනාවැකිය මෙන්න කියවන්නම වටිනවා! VIDEO I Sri Lanka Latest News

December 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආපහු ජල ගැල්මක් එනවා! ජනවාරි මාර්තු වෙද්දී ආර්ථික පීඩනයක්! දෙසැම්බරයේ දේශපාලන කුණාටුවක්! 2027 මාර්තුවේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වෙනවා! 25-26 ගැන හරියටම අනාවැකි කියපු ජ්‍යොතිෂවේදී KCJගේ අලුත්ම අනාවැකිය මෙන්න කියවන්නම වටිනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසරේදී රටට සහ ආණ්ඩුවට මුහුණ පෑමට සිදුවන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා සිය KCJ Astrology යූටියුබ් නාලිකාව වෙත පසුගියදා ඉදිරිපත් කරන ලද විග්‍රහයකින් උපුටාගත් කොටසක් පහත පළවේ.Sri Lanka Latest News

අපි 2025 වසර අවසාන කරලා, 2026 නව වසර පිළිගන්න සූදානමින් ඉන්නේ. අපි කාටවත් අමතක කරන්න බැහැ 2025 වසර අවසන් වීමේදී ඇතිවෙච්ච ඛේදවාචකයක්, විශාල කම්පනයක්. ඒ කම්පනයෙන් අපි තාම මිදිලා නැහැ. නිදහස් වෙලා නැහැ. එසේ තබා ගනිමින් තමයි අපි 2026 අවුරුද්දට කුමක්ද වෙන්න යන්නේ කියන එක නක්ෂත්‍ර විද්‍යාව ඇසුරෙන් පුරෝකථනය කරන්න බලන්නේ.

රටට වෙච්ච දේ ගැන නම් මහා කම්පනයක් මා තුළ තියෙනවා. නමුත් ඒවා පුරෝකථනය කරන්න ලැබුණා. විශේෂයෙන් මේ සුළි කුණාටු නම් මම දන්න තරමට පුරෝකථනය කරන්න බැහැ. ඒක නවීන විද්‍යාවෙන් වුණත් විද්‍යාඥයන් කියන්නේ පැය 72කට පෙර තමයි හරියටම සුළි කුණාටුවක් බව නිසැක වශයෙන්ම කියන්න පුළුවන්. කොහොමත් මේ නක්ෂත්‍ර විද්‍යාව වගේ දේවල්වලට සුනාමි, සුළි කුණාටු, භූ චලන, ගිනි කඳු විදාරණය වීම් වගේ දේවල් ආසන්න දිනයටම කියන්න පුළුවන් ක්‍රමයක් මම දන්න තරමින් නැහැ. එහෙම ක්‍රමයක් යම් කෙනෙක් පාවිච්චි කරනවා නම් ඒ අයට මගේ ගෞරවය සහ ආශීර්වාදයත්, ප්‍රශංසාවත් හිමි වෙනවා.

සාමාන්‍යයෙන් කියන කියමන් සහ පුරෝකථන අතරත්, අනාවැකි අතරත් ලොකු වෙනස්කම් තියෙනවා. පුරෝකථනයක් නම් ඒකට නිශ්චිත සිද්ධාන්ත තියෙන්න ඕනේ, නිශ්චිත කාලය කියන්න ඕනේ, ප්‍රදේශය කියන්න ඕනේ, සිදුවිය හැකි විපත, ආපදාව නිශ්චිත වශයෙන්ම කියන්න ඕනේ.

කෙසේ වෙතත් ඒ සිදුවෙච්ච විපතේ පීඩනය හිතේ තබාගෙන තමයි 2026 වසරට අපි සූදානම් වෙන්නේ. ඉතින් මට ඔබට සුබදායක ප්‍රවෘත්තියක් දෙන්න විදිහක් නැහැ 2026 වසරේ පළමුවැනි මාස තුන සම්බන්ධව. හැබැයි සිදුවීමක් වෙන්නේ හඬා වැළපෙන්න හෝ සතුටු වෙන්න නෙමෙයි තේරුම් ගන්න කියලනේ කියමන තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. ඉස්සරහට මොකක්ද වෙන්න යන්නේ කියන එක පිළිබඳ සූදානම් වීමකට, පෙරහුරුවකට මේ පුරෝකථනය වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා.
හොඳයි අපි එහෙනම් සුපුරුදු පරිදි මේ පුරෝකථනය දිහාට යොමුවෙලා බලමු.

2026 නව වසර වැඩි වශයෙන්ම පාලනය කරන්නේ සෙනසුරු සහ හිරු. හිරු ප්‍රධාන වශයෙන්ම, දෙවැනිකොට සෙනසුරු තමයි 2026 වසරේ ප්‍රධානම තීරණ ගැනීමේ හැකියාව සහිත ග්‍රහයෝ දෙන්නා. ග්‍රහයෝ කියන්නේ ඉතින් සංඥා දර්ශකනේ. නැත්නම් සෙනසුරු අපිට යමක් කරනවා නෙවෙයි. අපි ඒවා කියවාගන්න ක්‍රමයක්, සංකේතයක්, සංඥාවක්. එතකොට මේකෙ පේන හොඳ නරක දෙක තමයි, අහිමිවීම්, විනාශ වීම්, පිරිහීම් හටගන්නවා. නමුත් නැගී සිටින්න පුළුවන්. පිරිහීමක්, විනාශයක් වෙනවත් එක්කම ඒ නැගී සිටීමේ ධෛර්යසම්පන්නභාවය, වීර්යවන්තභාවය ඇති කරලා දෙනවා. එතකොට දෙකම තියෙනවා. වැටීමකුත් තියෙනවා, නැගිටීම සඳහා වූ අධිෂ්ඨානයකුත් තියෙනවා. අපි ඉතින් වෙන්න තියෙන දේ තේරුම් ගන්න ඕනේ, සිදුවෙන්න පුළුවන් හානිය තක්සේරු කරලා නැගීසිටීමේ සූදානම ඇති කරගන්නයි.

ඒ අර්ථයෙන් ගත්තහම විශේෂයෙන්ම 2026 අවුරුද්දේ ජනවාරි මාසය කෙරෙහි මගේ වැඩි අවධානය යොමුවෙනවා. බොහෝ විට ස්වභාවික ආපදා වැඩිවෙන කාලයක්. අපි ඒක නිශ්චිත කරගමු. මට පේන පුරෝකථනය අනුව බොහෝ විට ජලය මූලික කොටගෙන විපත් ඇතිවීමේ හැකියාව වැඩියි. ජලය කිව්වම අපි දන්නවා අධික වර්ෂාපතනය, ජල ගැලීම් සහ පානීය ජලය සහ කෘෂිකර්මය සඳහා පාවිච්චි කරන ජලය පාවිච්චි කරන්න බැරි මට්ටමට අපතේ යෑම්, අහිමි වීම්. ඒ වගේම වසංගත රෝග එන්න පුළුවන් ජලය ආශ්‍රිත රෝග. මෙන්න මේ තුන පේනවා.

විශේෂයෙන්ම අපි දැන් මේ ඉන්න 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ කාලගුණ රටාවන්, අපේ තියෙන ස්වභාවික රිද්මයන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාව, විශේෂයෙන්ම නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාවට වැඩි බලපෑමක් ඇති වෙනවා. මගේ පළමුවැනි පුරෝකථනය තමයි පරිසරයේ උෂ්ණත්වය බෙහෙවින්ම අඩුවෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් කොහොමත් දෙසැම්බර්, ජනවාරි සීතලයි කියලා. ඒක ඇත්ත. ඒ තමයි ස්වභාවික පැටර්න් එක. හැබැයි පහුගිය වසරවල එහෙම සීතලක් තිබුණේ නෑ. ඒ පැටර්න් එක බිඳවැටිලා තිබුණේ. මේකෙන් අදහස් කරන්නේ ස්වභාවිකව තියෙන සීතල තත්ත්වය නෙමෙයි, දැඩි සීතකාරී තත්ත්වයක්. ඒ කියන්නේ මහජන ජීවිතයට පීඩාවක් වන විදිහේ දැඩි සීත තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාවේ කොටසකට. ලංකාවත් ඕකට අයිතියි. හැබැයි අපි වාසනාවන්තයි ලංකාව මේ පීඩනයේ දැඩිම අධිසංවේදී කලාපයක නෙමෙයි පිහිටලා තියෙන්නේ. නමුත් අපිටත් මේකේ බලපෑම දැනෙනවා. ඒ අනුව මගේ පළමුවැනි පුරෝකථනය තමයි දෙසැම්බර් මාසේ 28 සිට ජනවාරි මාසයේ 15 වැනිදා අතර කාලය දක්වා පාරිසරික වශයෙන් අධික වර්ෂාපතනය හෝ දැඩි සීත කාලගුණයක් හෝ ඒ දෙකම වීමේ ඉඩකඩ 65%කට ආසන්න ප්‍රමාණයක පෙන්නුම් කරනවා.

අපි බොරුවට බයවෙන්න ඕනේ නෑ. මේක පුරෝකථනයක්. පුරෝකථනයක් කියන්නේ දේව වාක්‍යයක් නෙමෙයි. විය හැකි වීම වැඩි වුණාම අපි ඒක කියනවා. දැන් මේකෙන් අදහස් කරන්නේ නිසැකම වෙනවා කියන එක නෙවෙයි. නමුත් කොයි හැටි වෙතත් සූදානමින් සිටීම අවශ්‍යයි. ඒ සඳහා තමයි මේ තත්ත්වය කිව්වේ.
ඊළඟට ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය. මම පහුගිය වසරේ කිව්ව වගේම ආර්ථික වශයෙන් අපිට විශාල පීඩනයකට ලක්වෙන්න වෙන අවුරුද්දක්. දැන් ආණ්ඩුවේ පැත්තෙන් කියනවා භාණ්ඩාගාරය පොහොසත්, අපිට මෙච්චර වත්කම් තියෙනවා කියලා. ඒක හොඳයි අපි සතුටු වෙන්න ඕනේ. භාණ්ඩාගාරය හිඳිච්ච රටක්නේ. දැන් ඒකේ භාණ්ඩාගාරය පිරිලා නම් සතුටු වෙමු. නමුත් මේ නක්ෂත්‍ර විද්‍යාවේ පුරෝකථන ක්ෂේත්‍ර ඔස්සේ බලද්දී අනාගතය පෙන්නුම් කරන්නේ රටේ පොදු ආර්ථිකයට හොඳ තත්ත්වයක් නෙවෙයි. එක්කෝ ඒවා මෙවැනි ස්වභාවික ආපදා නිසා ජන ජීවිතය බිඳවැටීම සහ ඒ යටිතල පහසුකම් විනාශ වීම නැවත ගොඩනැගීම සඳහා වූ විශාල ආර්ථික පිරිවැයක් දරන්න වෙයි. නිෂ්පාදන ක්‍රියාවලිය බිඳවැටෙයි. විශේෂයෙන්ම බවබෝග සම්පත් සම්බන්ධව හිඟවීම් දැනෙයි. ඒක උග්‍ර වශයෙන්ම මාර්තු මාසේ 12 වෙනකම් අපිට දැනෙයි.

ඊළඟට 2026 වසරේ අගභාගය දක්වාම ආර්ථික වශයෙන් නම් අපේක්ෂිත සහ අනපේක්ෂිත මට්ටමේ පීඩනයක් අපිට පෙන්නුම් කරනවා. ඒක රටක් හැටියටත් තනි තනි පුද්ගලයන් හැටියටත් ආර්ථික වශයෙන් ඇතිවෙන පීඩනය පෙන්නුම් කරනවා. ඉතින් අරපිරිමැස්ම එක උපක්‍රමයක් පමණයි. මේකට මුහුණදීම සඳහා ක්‍රමවේදයන් පෞද්ගලික වශයෙනුත්, සමාජීය වශයෙනුත්, රටක් හැටියටත් ගන්න ඕනෙ කියන පණිවුඩය අපි මේකෙන් ගන්න ඕනේ. මුලින් කිව්වා වගේම පරිහානිය පෙන්නුම් කරනවා වගේම නැගී සිටීමේ ජවසම්පන්නභාවය, වීර්යවන්තභාවයත් හිරු සහ සෙනසුරු කියන ග්‍රහයෝ දෙන්නා විසින් අප තුළ ඇති කරනවා. ඒක රටක් හැටියටත් පුද්ගලයෙක් හැටියටත් අදාළයි.
තුන්වැනි කාරණාව තමයි, 2026 අවුරුද්ද වත්මන් ආණ්ඩුවට දැඩිම අභියෝගයක් එල්ල වෙන අවුරුද්දක්. ඒක බොහෝ විට අපිට පෙන්නුම් කරන්නේ 2026 දෙසැම්බර් මාසයේ සිට ඉදිරියටයි. මේ ඇති වෙච්ච දේ, මේ ස්වභාවික ව්‍යසනය වගේ එකක් නෙමෙයි, ඒක දේශපාලන කුණාටුවක් වෙන්න පුළුවන්. ආර්ථික වශයෙන් ඇති වෙන කුණාටුවක් වෙන්න පුළුවන්. මෙහෙම කියන්නේ මේ ආණ්ඩු විරෝධී අදහසකින්වත්, වෙනත් දේශපාලන පක්ෂ උඩට උස්සන්නවත් නෙමෙයි. මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. ඉතින් වෙන දේ කියන කොට දේශපාලන අර්ථ කියවෙන්න පුළුවන්. හැබැයි ඒක කියන්නේ දේශපාලන පක්ෂ දේශපාලන අර්ථයකින් නෙවෙයි. යම් කෙනෙක් අහන්න කැමැති නම් සතුටුදායක ආරංචිම, හොඳයි හොඳයි හොඳයි කියලා, ඉතින් ඒක අපිවම රවට්ටා ගැනීමක්. ඉතින් එහෙම මම රැවටීමකට යන්නේ නැහැ. මට පේන දේ අවංකව මම පුරෝකථනය කරනවා. ඉතින් මේ ආණ්ඩුව දේශපාලන වශයෙනුත්, ආර්ථික වශයෙනුත් දැඩිම අභියෝගයකට ලක්වෙන කාලයක් හැටියට පෙන්නුම් කරනවා. විටින් විට කිව්වා වගේම 2026 දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වෙන කාලය අපි බලාසිටිය යුතුයි ආණ්ඩුව මොන ආකාරයකටද ඊට සූදානම් වෙන්නේ, ඒ අභියෝගය භාරගන්නේ කියන එක. අන්න ඒ කාලය, 2026 දෙසැම්බර් මාසයේ පස්වැනිදා සිට, 2027 මාර්තු අතර කාලයේදී තමයි ආණ්ඩුවේ ආයුෂ ප්‍රමාණය තීරණය වෙන කාලය. ඔවුන් දිගට යනවද? කොහොමද යන්නේ? බලය වැඩි වර්ධනය කරගනිමින් යනවද? බලය පිරිහෙමින්, දුර්වල වෙමින් යනවද? කියන එක තීරණය වෙන්නේ 2026 දෙසැම්බර් මාසයේ පස්වැනිදා සිට 2027 මාර්තු අතර කාලයේදී. ඉතින් මේක ආණ්ඩුව සොබාදහම විසින්, දෛවය විසින් පරීක්ෂා කරන අවස්ථාවක්. ඉතින් ඒක කල් තබා කිව්වා ඔන්න මේ අවුරුද්දෙත් ඒ සිහිකැඳවීම කරනවා.

එතකොට අපිට එක පැත්තකින් මේ ස්වභාවික ආපදා වසරේ මුල් කාලයේ පෙන්නුම් කරනවා. අනිත් පැත්තෙන් දේශපාලනමය වශයෙන් කැලඹිලිසහගතභාවයන් වසරේ අග පෙන්නුම් කරනවා. ඉතින් 2026 වසර ඒ අතින් ගත්තම බොහොම කාලයකට පසු උදාවෙච්ච දැඩි අභියෝගාත්මක, සංකීර්ණ කාලපරිච්ඡේදයක් හැටියටයි පෙන්නුම් කරන්නේ. ඉතින් රජයක් හැටියට, රාජ්‍ය නායකයන්ට, ආණ්ඩු කරන අයට සහ රටේ පාලනයට සම්බන්ධ වෙන අයට මේ පණිවුඩය වැදගත් වෙයි තමන්ගේ උපක්‍රම සකස් කරගන්න. ඒ වගේම පුරවැසියෝ හැටියට අපිටත් වගකීමක් යුතුකමක් තියෙනවා එළඹෙන තත්ත්වය දැනගෙන ඊට සූදානම් වෙමින්, බොහොම අරපිරිමැස්ම මූලික කොටගෙන අපිට ජීවිතය හැඩගස්ස ගන්න වෙයි. ලෝකයේ මිනිස්සු කියනවා අනවශ්‍ය වැඩ කරනවා කියලා. ඉතින් මගේ දැක්ම හැටියට නම් කිසිම මනුස්සයෙක් අනවශ්‍ය වැඩක් කරන්නේ නැහැ. ලැයිස්තු දෙකයි තියෙන්නේ. අවශ්‍ය, අත්‍යාවශ්‍ය. ඉතින් මේ මොහොතේදී අපේ පෞද්ගලික යොමුව වෙන්න ඕනේ අවශ්‍ය දේ සඳහා නෙවෙයි, අත්‍යාවශ්‍ය දේ සඳහායි. එහෙම හිතලා එහෙම චින්තනමය වශයෙන් වෙනසක් අරගෙන ගියොත් මේ අර්බුදයෙන් ගොඩයන්න පුළුවන්. ඒක තනි තනි පුද්ගලයෝ හැටියට අපිටත් පුළුවන්, රටක් සමාජයක් හැටියටත් පුළුවන්, ආණ්ඩුවක් හැටියටත් පුළුවන්. අත්‍යාවශ්‍ය දේ තෝරාගෙන ඒ සඳහා වැඩි අවධානය යොමු කළොත් මේ අර්බුදයෙන් ගොඩ යන්න පුළුවන්.

දැන් අපි බලා සිටිමු රට කරවන අය කොහොමද අවශ්‍ය අත්‍යාවශ්‍ය දේවල් තෝරාගෙන මේ අභියෝගය ජයග්‍රහණය කරගෙන, තමනුත් රැකිලා, තමන්ගේ පාලනයත් රැකගෙන කටයුතු කරන්නේ කියන දේ. පාලනය කියන එක මෙහෙමයි. ජන අප්‍රසාදයට පත්වෙච්ච ආණ්ඩු ලෝකේ තිබුණා. පිලිපීනයේ මාර්කෝස්ගේ ආණ්ඩුව, එක උදාහරණයක්. ඒ වගේ තවත් ගොඩක් තැන්වල තිබුණා. ඒකාධිපති වගේ පාලන තිබුණා, පිරිහුණු පාලන තිබුණා, උදාහරණ ඕනෙ තරම් කියන්න පුළුවන්. ඒක ඇත්තටම ආණ්ඩු කිරීමක් නෙමෙයිනේ. ජන අප්‍රසාදය, ජන විරෝධය මැද බලහත්කාරය හෝ වෙනත් උපක්‍රමවලින් බලය පවත්වා ගන්න දරන උත්සාහයක්. ඒක නෙමෙයි හැබැයි ආණ්ඩුකරණය කියන්නේ. මහජන හිතකාමීත්වය, මහජන ප්‍රසාදය රටට වැඩක් කරමින් ඉදිරි වසරවලටත් තමන්ගේ බලය විහිදුවා ගැනීම සඳහා දිගුකාලීනව කටයුතු කිරීම. ඒකයි අභියෝගය. ඉතින් ඒක අපි බලමු තේරුම් ගනීවිද කියලා මේ රට කරවන අය.

2026 වසර වෙනුවෙන් මම මේ කරන්නේ කෙටි පුරෝකථනයක්. මම දිගු පුරෝකථනයක් කරන්නේ අප්‍රේල් මාසයේදී. මේ ජනවාරි මාසයේ පළමුවැනිදාට අමුතු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක අර පුරුද්දක් වෙලා තියෙනවා ජනවාරි මාසේ පළමුවැනිදාට ලෝකෙට මොකද වෙන්නේ, රටට මොකද වෙන්නේ, ලග්නවලට මොකද වෙන්නේ කියලා අහන්න. ඉතින් ඒ පැටර්න් එකට අපිටත් අනුගත වෙන්න වෙලා තියෙනවා. හරියටම සොබාදහමේ චක්‍රීය වශයෙන් වෙනස හට ගන්නේ අප්‍රේල් මාසයේ මැද. ඉතින් එතැන් සිට තමයි හරියටම අපේ විෂය ඇතුළෙන් පුරෝකථන කරන්න පුළුවන්. නමුත් ඊට පෙරාතුව මේ දුන්නේ 2026 ජනවාරි මාසයේ සිට 2026 අප්‍රේල් මාසයේ මැදභාගයක් වනතුරු මගේ දැක්ම.

SendShareShare
Previous Post

තාම කවුරුවත් පාර ගැන අහන්නවත් බලන්නවත් ඇවිල්ලා නෑ! නායගිය යටවත්ත පාර දවස් 20ක් තිස්සේ හදපු නැති නිසා බැරිම තැන ගම්මු එකතුවෙලා පාර හදන්න ගනී! හැබැයි පොලිසිය වැඩේ නවත්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කවුරුවත් කතා කරන්නෙ නෑ! කොල්ලො කෙල්ලො 10000ක් ලබන මාර්තු වෙනකොට ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ! අන්තිමට විපක්ෂනායක සජිත් කොල්ලො කෙල්ලන්ගේ පිහිටට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.