ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී වයස අවුරුදු 40ක් පමණ වන බවට සැක කෙරෙන තවත් පිරිමි මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා.
දින 3ක් ඇතුළත ගාලු මුවදොර වෙරළෙන් මතුවූ දෙවන මළසිරුර වන්නේ මෙයයි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.
කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් ද පසුගිය සිකුරාදා ගාලුමුවදොර වෙරළ තීරයේ ගොඩ ගසා තිබියදී සොයා ගැනුණා.