අළුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක් කඩා එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් මදුරන්කුලිය පොලිසිය ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඊයේ (07) රාත්‍රී 11.45ට පමණ මෙම කොල්ලය සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මදුරන්කුලිය මංගළඑළිය – 10 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල පෞද්ගලික බැංකුවක් විසින් සවිකර ඇති ATM යන්ත්‍රයක් සැකකරුවන් විසින් මෙලෙස කඩා මුදල් රැගෙන ගොස් ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රී 11.45ට පමණ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයට පැමිණ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට ප්‍රකාශ කර ඇත්තේ ATM යන්ත්‍රයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් සඳහා තමන් පැමිණි බවයි.
ටික වේලාවකින් අදාළ පුද්ගලයන් තුන්දෙනා පිටත්ව ගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින් එම අවස්ථාවේ දැක ඇත්තේ ATM යන්ත්‍රය කඩා ඇති බවයි.
ATM යන්ත්‍රයේ තිබී කොපමණ මුදලක් කොල්ලකා ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
dasathalankanews











