ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිතය.
අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැරට පැවති අවස්ථාවක මෙම රන් තැටිය රුහුණු මහතා කතරගම දේවාලයට පූජා කර ඇති බවට විමර්ශන තොරතුරු හෙළිවි ඇතැයි ද පොලිසිය කියයි.
එම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව හෙළි කර ගැනීම සදහා ඇය මෙලෙස කැඳවා ඇති උසස් පොලිස් නිලධාරියකු පැවසීය
කොලොන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වු මෙම කාන්තාවට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියා කීය..
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මෙම රන් තැටිය මීට වසරකට පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත් , ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පොලිිස් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.