ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඛනිජ තෙල් හිඟයක් රට තුළ ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.










