අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමක් ලැබී තිබේ. Sri Lanka Latest News
Truth with Chamuditha නැමැති Youtube නාලිකාවේ විකාශය වූ ‘මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මරන්න පාතාලය එක්ක ගේම ගහපු DIG ගෝලයාගේ හඬ පටය මෙන්න’ යන ශීර්ෂය යටතේ සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙනඑන ලෙසද එහිදී දැනුම් දීමක් කොට ඇත.









