යුක්තිය මෙහෙයුම යටතේ සිදුකල වැටලීමකදී ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයකු කටුනායකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
කටුනායක පොලිසිය මගින් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී තිබිණි.එහිදී පොලිසිය සිදුකල වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු හීනටියන මහේෂ්ගේ ගෝලයකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙලිදරව් විය.මීට අමතරව ඝාතනය කිරීම සදහා භාවිතයට ගැනීමට සිටි මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන්ගේ මෙහෙයවීමෙන් සහ මීගමුව කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායකගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදු කරන ලදී.










