ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 31,000ක් පමණ මරණයට පත් වී තවත් පුද්ගලයින් 4000ක් පමණ අතුරුදහන් වූ සුනාමි ව්‍යසනය සිදු වී වසර 19ක් සම්පුර්ණ වේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව සුනාමියෙන් සිදු වූ මුළු අලාභයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.
යළිත් සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට ඉවත් වීම සඳහා අනතුරු ඇඟවීමට සුනාමි කුළුණු ඉදිකිරීමට රජය පියවර ගන්න ලදී.
නමුත් සුනාමියෙන් වසර 19ක් ගතවන විට එම කුළුණු 77කින් 57ක් අක්‍රීය තත්ත්වයට පත්ව තිබේ. ඒ පිළිබඳව BBC සිංහල සේවය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලබාගත් තොරතුරු මේ වීඩියෝව සඳහා පදනම් කරගෙන තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ආපදා තත්ත්වයන් වල දී ජනතාවට ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් එම පණිවුඩය ජංගම සහ ස්ථාවර දුරකථන හරහා ලබා දෙන ක්‍රමවේදයක් අද සිට ආරම්භ කරන බවය.









