උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ. Sri Lanka Latest News
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.
ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරිමේ හේතුවෙන් එය කඩා ඉවත්කර ගන්නා ලෙසට දැණුම් දුන් බවත් දිසානායක මහතා පැවසිය.
මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැණුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට තිබේ.










