බාලවයස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් පිළිබද මත්තේගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) කරුණු වාර්තා කර ඇත. (Sri Lanka Latest News)
රුපියල් ලක්ෂ 05කට අධික වටිනාකමකින් යුත් රන් බඩු සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 11ක බාලවස්කාර දැරියක අත්අඩංගුවට ගෙන, කරුණු හරිහැටි නොසොයා ව්‍යාජ පැමිණීල්ලක් ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ත’බිණී.
වින්දිත දැරිය ඉකුත් පෙබරවාරි මස 23 වැනිදා මත්තේගොඩ පිහිටි සිය ඥාති නැන්දනියගේ නිවසට ගොස් ඇති අතර, එහිදී එම නිවසේ තිබූ රත්‍රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකාරිය පොලීසියට පැමිණීලිකර ඇති බවත්, ඒ අනුව බාලවයස්කාර අදාළ දැරිය සමග අසල්වැසි නිවසක අඹුසැමි යුවළක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
lankadeepa










