ජනාධිපතිවරයාට, අගවිනිසුරුවරයා හැර වෙනත් විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.Sri Lanka Latest News
මෙම නියෝගය මේ වසරේ ඔක්තොම්බර් 04 දක්වා බලපැවැත්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ නීතීඥවරයකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවයි.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නිර්දේශය අනුමත කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකළේ වෘත්තියෙන් නීතීඥ සරිත් මහීපුත්‍ර පතිරත්නයි.
පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යි.