• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව ඇතුළේ ඉන්දු – චීන ගැටුමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ආණ්ඩුව තුළ සිදුව ඇති බරපතළ බෙදීමක් පිළිබඳ විග්‍රයක් දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ විසින් පසුගියදා සිය යූටියුබ් චැනලය වෙත ඉදිරිපත් කළා. පහත පළවන්නේ එම විග්‍රහයයි. Sri Lanka Latest News

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධානීන් දෙන්නා තමයි බිමල් රත්නායක සහ ටිල්වින් සිල්වා. මේ දෙදෙනා ඇතුළු කණ්ඩායම සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර බරපතළ ප්‍රතිවරෝධතාවක් තියෙනවා කියලා මම කලිනුත් කියලා තියෙනවා. ඒක නිකන් සරල ප්‍රතිවිරෝධතාවක් නෙවෙයි. මේ ප්‍රතිවිරෝධය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර භූදේශපාලනික කරුණු නිසා. චීනය සහ ඉන්දියාව කියන සාධක දෙක මත. මේ ගැන මම මීට කලින් දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා.

අද කියන්න යන්නේ අලුත් කතාවක්. බිමල් රත්නායක මහත්තයා පහුගිය දවසක කඩාගෙන වැටුණු ගුවන් යානය ගැන ප්‍රකාශයක් කරලා කිව්වා ඒක ආධුනික නියමුවන් විසින් පදවාගෙන යෑම නිසා තමයි කඩාගෙන වැටුණේ, ඒ යානයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි කියලා.

මේ සිදුවීම වෙලා පැය 48ක් යන්නත් කලින්, මේ සම්බන්ධයෙන් සොයා බලන්න ගුවන් හමුදාවේ කණ්ඩායමක් පත්කළා කියලා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා. ඒ කමිටුවේ මූලිකයාගේ නමත් කිව්වා. ගුවන් හමුදාව විසින් නිල වශයෙන් මේක සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීලා නෑ. ඒ සම්බන්ධයෙන් වගකීම තියෙන බිමල් රත්නායක කියලා කියන්නේ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නෙවෙයි. ගුවන් හමුදාපතිවරයාත් නෙවෙයි. එතකොට බිමල් රත්නායක කියන්නේ ආරක්ෂක අමාත්‍යවරයාත් නෙවෙයි. සේනාධිනායකත් නෙවෙයි. බිමල් රත්නායකට මොකක්ද තියෙන වගකීම සහ අයිතිය මේ යානය කඩාගෙන වැටුණේ ගුවන් හමුදා නියමුවන්ගේ ප්‍රශ්නයක් නිසා කියලා කියන්න? ඒකට බිමල්ට තියෙන නිර්ණායකය මොකක්ද? ගුවන් හමුදාවෙන් දීපු වාර්තාව මොකක්ද? බිමල්ට තියෙන හදිස්සිය මොකක්ද මේ වගේ ප්‍රකාශයක් කරන්න?
මේ පුහුණු ගුවන් යානය කඩාවැටීමත් එක්ක, වෙබ් අඩවි කිහිපයක ප්‍රවෘත්ති පළවෙලා තිබුණේ මේ ගුවන් යානයේ වර්ගය සහ එය චීනයේ නිෂ්පාදිත එකක් බව කියලා. මේ නිවුස් එක ගියපු ගමන් චීනය ටිකක් කලබල වුණා. මොකද ඒකට හේතුව ලංකාවේ ගුවන් හමුදාවේ පුහුණුව සඳහා චීනයේ පුහුණු ගුවන් යානා ප්‍රමාණයක් භාවිත කරනවා. මේ ගුවන් යානාවල තියෙන තාක්ෂණික දුබලතාවක් පිළිබඳ පසුගිය කාලේ නිරීක්ෂණය වෙලා, මීට වසර කීපයකට කලින් සාකච්ඡාවක් ආවා අලුතෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු හෝ ඉන්දියානු ගුවන් යානා මිලදී ගැනීමට. විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක මේ පිළිබඳ යම් සාකච්ඡාවකුත් සිදුවෙලා තිබුණා. ඒ නිසා මම හිතන්නේ චීනය ටිකක් කලබල වෙලා තියෙනවා තමන්ගේ රටේ නිෂ්පාදිත මේ ගුවන් යානය කඩාවැටීම නිසා. මේ කඩාවැටීමට හේතුව ගුවන් යානයේ ප්‍රශ්නයක් කියලා වාර්තාව ඇවිල්ලා ඒක සමාජගත වුණෝතින් අනාගතයේ එන්න නියමිත ඒ ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්නෙකුත් මතුවෙනවා. ඒක ඒ තරම්ම සරල නෑ. ලෝකය පුරාම චීන යුද ගුවන් යානා සම්බන්ධයෙන් ඒ විවේචනය එනවා.

චීනය කලබල වුණාටත් වඩා බිමල් රත්නායකලා කලබල වුණා. මොකද, බිමල්ලා මේ දවස්වල ඉතා දැඩි ලෙස ආණ්ඩුව චීනය පැත්තට හරවන්න බිමල් ඉන්නවා. ඒ නිසා බිමල් ලංකාවේ චීන නියෝජිතයා බවට පත්වෙලා තියෙනවා. මොකද සහෝදර කොමියුනිස්ට් පක්ෂ දෙකක් නිසා. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් නම් මෙහෙ කොමියුනිස්ට් පක්ෂයයි, එහෙ කොමියුනිස්ට් පක්ෂයයි දෙකම එකයි. මේ එකම ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයක පක්ෂ දෙකක්. අපි දැක්කා ලක්මාලි පහුගිය දවසක රූපවාහිනියේ කියලා තිබුණා චීනය කියන්නේ සමාජවාදී රටක් කියලා. ඒවා වටේ පිටේ කතා. ඒ කතා පැත්තකින් තියලා ප්‍රධාන කතාවට ආවොත් බිමල් මේ ප්‍රකාශය කළේ චීනය වෙනුවෙන් බව පැහැදියි. එහෙම නැත්නම් ගුවන් හමුදාවෙන් එන්න ඕනේ වාර්තාවක්. එහෙම වාර්තාවක් ඇවිල්ලා නෑනේ.

ලංකාවේ ගුවන් හමුදාව සහ ජාත්‍යන්තර භූදේශපාලන මැදිහත් වීම් එක්ක තව අතුරු කතා ගොඩක් තියෙනවා. ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානි උදේනි රාජපක්ෂ විශ්‍රාම ගියාම ඊළඟට එන්න හිටියේ ඔහුගේ දෙවැනියා සම්පත් වික්‍රමරත්න මහත්මයා. නමුත් ඔහු පත්වුණේ නෑ. මේ පත් නොවීම සම්බන්ධයෙනුත් පුංචි කතාබහක් තිබෙනවා. ඒ තමයි සම්පත් මහත්මයා මීට කලින් රජයෙන් පත්කරලා හිටියා නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා විදියට. ඒ නිසා ඔහු දෙස ඇමෙරිකානු කෝණයෙන් මේ රජය බැලීමත් යම් හේතුවක් වුණාද කියන එක ගැනත් සාකච්ඡාවක් ආවා. කොහොම නමුත් මේ සියලු කතාබහ ඇතුළේ ඉතාම පැහැදිලිව පේනවා චීනය සහ ඉන්දියානු ගැටලුව. මේක පෙන්වන තව එක සාධකයක් තමයි මෝදි අගමැතිවරයාගේ ලංකා සංචාරය. ඔහුගේ ලංකා සංචාරයේ කොටස් කීපයක් අඩුවුණා. දැන් ඔහු සාම්පූර් යන්නෙත් නැහැ. කොළඹ ඉඳන් තමයි සාම්පූර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම ස්විච් එකෙන් කරන්න යන්නේ. ඉතින් ස්විච් එකෙන් කරනවා නම් ඒක ඉන්දියාවේ ඉඳලත් කරන්න පුළුවන්නේ. එහෙම නොකර ඇයි මෝදි මෙහෙම තීරණයක් ගන්නේ? ඔහු යම් අසතුටක සිටිනවා මේ දවස්වල ලංකාවේ සිදුවෙන ක්‍රියාකාරකම් කීපයක් සම්බන්ධයෙන්.

ඉන්දියාවට ඉතා සංවේදී ලෙස වැදගත් වෙන කලාපයක් තමයි නැගෙනහිර කලාපය. පහුගිය දවසක වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ත්‍රිකුණාමල වරාය සංවර්ධන සම්බන්ධයෙන් සිරියානු තානාපතිවරයා ඇතුළු පිරිසක් එක්ක සාකච්ඡාවක් කළා. හැමෝම මේක විහිළුවට ලක්කළා මාලිමාව මරු අයෝජකයන්නේ හොයාගන්නේ කියලා. දැන් සිරියාව කියලා කියන්නේ ලංකාවේ වරායක් සංවර්ධනය කරන්න පුළුවන් රටක් නෙවෙයි. සිරියාවේ දැන් තියෙන්නේ අන්තර්වාර ආණ්ඩුවක්. හෙට අනිද්දා තුර්කිය සිරියාව අල්ලගනීද කියලා බයකින් ඉන්නේ. හැමදාම යුද ගැටුම්. ඉතින් මේ සිරියාවත් එක්ක ආයෝජන ගිවිසුම් ගහනවද ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කරන්න? නෑ. මේකේ වෙන කතාවක් තියෙන්නේ.
චීනේ එක්සිම් බැංකුව ලංකාවට ඍජුව ගේන්න බැරි විශාල ආයෝජන ප්‍රමාණයක් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ණය පහසුකම් විදියට ලබාදෙමින් ඔවුන් හරහා ආයෝජන ගේන ආකෘතියක් ගැනත් අපි කතා කළා. අපි දන්නවා. අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයේ රටවල් කීපයක් චීනය තමන්ගේ ආයෝජන සඳහා ප්‍රොක්සි විදියට පාවිච්චි කරනවා කියලා. ත්‍රිකුණාමල වරායට එන මේ සිරියානු ආයෝජන පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලකින් ඉන්නවා. ඒකත් ඉන්දියාව යම් තිගැස්මකට ලක්වෙලා තියෙන කාරණාවක් විදියට තියෙනවා. ඒ වගේම කොළඹ ඩොක්යාර්ඩ් එකෙන් ජපන් සමාගමක් ඉවත් වුණා. ඒ වෙනුවෙන් දේශීය සමාගමක් එන්න ඉන්නවා. අපි දන්නවා අපේ හිතමිත්‍ර පුද්ගලයෙක් සමාගමේ හිමිකරුවා. නමුත් ඔහුගේ ඉතිහාසය ගත්තොත් චීනය සමග කරපු ව්‍යාපාර ගොඩක ඔහු ඉඳලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල එක්ක ගත්තාම අපි චීන ආයෝජන ගැන කලින් කියපු කතාව තහවුරු වෙනවා. මේ සමස්ත සිදුවීම දිහා බලපුවාම ලංකාව ඇතුළේ මේ වෙලාවේ චීනය සහ ඉන්දියාව අතර යම් භූදේශපාලනික හැලහැප්පීම් ගණනාවක් සිදුවෙමින් තිබෙනවා.

මේ රජය, රාජ්‍ය ආයතන පෞද්ගලිීකරණය කරන්නේ නෑ කියලා කියපු රජයක්. නමුත් පෞද්ගලීකරණය සඳහා ක්‍රියාත්මක වෙන රාජ්‍ය ආයතන ව්‍යුහයක් තිබෙනවා. ඒ රාජ්‍ය ආයතනවලින් එක ප්‍රධාන ආයතන කීපයක් තමයි රූපවාහිනී සංස්ථාව. රූපවාහිනිය පාඩුයි කියලා නලින්ද කියලා තිබ්බා. හැබැයි පාඩුයි කියපු රූපවාහිනියට මාලිමා ආණ්ඩුව පත්කරපු සභාපතිතුමා වෙනුවෙන් ප්‍රවෘත්ති වැඩසටහන් 5ක ඔවුන්ගේ ගෙදර තිබුණු අවමංගල්‍ය උත්සවයක් වාර්තා කරලා ඒ වෙනුවෙන් කෲ එකක් දවස් ගානක් එහෙ නැවතිලා හිටියා. ඒවා අතුරු කතා. මම මේ කියන්න යන්නේ පාඩු ලබන රූපවාහිනියයි, අයි.ටී.එන්. එකයි, ගුවන් විදුලියයි ඒකාබද්ධ කිරීම සහ චීනයත් එක්ක අස්සන් කරපු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතා ගිවිසුම අතරත් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ලංකාව ඇතුළේ චීන ඉන්දියා දේශපාලන න්‍යායපත්‍රය ඉතා තරගකාරීව සහ සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ ක්‍රියාවලියට සමගාමීව මාලිමාව ඇතුළේ බරපතළ බෙදුම් රේඛාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මාලිමාව ඇතුළේ ඉන්න චීන සහ ඉන්දියානු කඳවුරු දෙක අතර. මේ කඳවුරු දෙක දෙකට බෙදෙනවා ඉතා පැහැදිලිව පේනවා. අපි කලින් ඉඳන්ම මේ ගැන කිව්වා. දිනපතාම ඒක තහවුරු වෙන තොරතුරු අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා අපි දැන් කියන්නේ මේ කඳවුරු දෙක ඉතා තීරණාත්මක සහ ස්ථාවර ලෙස බෙදිලා තියෙන්නේ මේ මොහොත වෙද්දී. එහෙම බෙදුණාට පස්සේ ඊළඟට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ භූ කම්පනයන් ඇතිකරන ප්‍රහාරයන් දෙපාර්ශ්වයෙන් එල්ල වීම. නමුත් තාම එතැනට ගිහින් නෑ. ඒකට යන්න කලින් ඔන්න අපි කතාව කියලා තියෙන්නේ. කැමැති අයට ඒක තේරුම් ගන්න, කැමැති අයට සටන් භූමියේ කැමැති කැමැති පැති අල්ලගන්න පුළුවන්. බලාගෙන ඉන්න අපි කියන දේවල් ඇත්තද බොරුද කියලා.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රටක් ආදරය කරපු – ආදරයට අරුතක් දීපු ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ මුල සිට අගට කතාව මෙන්න! Sri Lanka Latest News

Next Post

අනුර කරෙන් තියාගත්ත ඩොලර් බිලියන 16.7ක රනිල්ගේ පව! රනිල් තමයි ලංකාව ණය උගුලක හිරකරපු කල්ලියේ නායකයා! බංකොලොත් වෙලා ලෝකෙන් ණය කපාගත්ත අඩුම රට ලංකාව! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.