මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඇතුළුව ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ අද (27) යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ය.
නාවික හමුදා භාරයට ගත් ධීවරයන් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.
2024 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් කටයුතු මගින් මෙරට මුහුදු සීමාවන් උල්ලංඝනය කෙරූ ධීවර යාත්‍රා 62ක් සහ ඉන්දීය ධීවරයින් 462 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවද නාවික හමුදාව පවසයි.










