දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය Sri Lanka Latest News
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බව කොමිෂන් සභාව පවසයි
එම හිග බදු මුදල අඩුකර මෙම වසර සඳහා නිස්කාසන වාර්තාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් පනස් දහස දක්වා අඩුකර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය










