හලාවත, ඉරණවිල ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (12) ගෙල වැලලාගෙන සිටියදී සොයාගැනුණු නව හැවිරිදි දැරියක සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)
මියගිය දරුවා ඇගේ නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී ඇගේ අසල්වාසි දැරියත විසින් සොයාගෙන ඇති අතර, එම වයසේම පසුවන ඇය දේහය දුටු විගස උදව් ඉල්ලා කෑගසා මියගිය දැරියගේ පියාට දැනුම් දී ඇත. පසුව ඇයව කඩිනමින් රෝහල් ගත කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත දිස්ත්‍රික් මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණය උදෑසන පැවැත්විණි.
කෙසේ වෙතත්, දරුවාගේ මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
lankasara










