• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ෆොටෝ තහනමක්! කාටවත් ෆොටෝ ගහන්න බෑ! සෙල්ෆිත් තහනම්! Sri Lanka Latest News

August 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ෆොටෝ තහනමක්! කාටවත් ෆොටෝ ගහන්න බෑ! සෙල්ෆිත් තහනම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිට සති දෙකකට ඉහතදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා වනවාටු රටෙහි පැවැති හමුවකට සහභාගි වී යළි පැපුවා නිව්ගිනියා ඇතුළු රටවල් කිහිපයක් බලා ගමන් ගන්නා අතරවාරයේදී සිය ගුවන් යානයට ඉන්ධන පුරවා ගැනීම සඳහාත්, කෙටි විවේකයක් ලබාගැනීම සඳහාත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. ‘ට්‍රාන්සිට්’ මගියකු ලෙස පැමිණි බැවින් ගුවන් තොටුපළ පරිශ්‍රයේම රැඳී සිටි ප්‍රංශ ජනාධිපතිවරයා නිල වශයෙන් රටට ඇතුළු වීමට කටයුතු කළේ නැත. නමුත් ආණ්ඩුව පැත්තෙන් එය එසේ ගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනවලින් කියැවුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ලංකාවට පැමිණෙන බවත්, ප්‍රංශ ජනාධිපතිවරයකු ලංකාවට පැමිණෙන මුල්ම අවස්ථාව මෙය වන බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට ගොස් ප්‍රංශ ජනාධිපතිවරයා සමග කතාබහ කරන ඡායාරූප විශාල ප්‍රමාණයක් මාධ්‍ය වෙත මුදාහරිමින් ආණ්ඩුවේ මාධ්‍ය කියා සිටියේ ලංකාවේ වැඩපිළිවෙළට ප්‍රංශය සහාය ලබාදීමට සූදානමින් සිටින බවකි.Sri Lanka Latest News

ප්‍රොටෝකෝලය කඩලා!

කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ මාධ්‍ය මගින් මෙතෙක් එළියට නොආ ප්‍රංශ ජනාධිපතිවරයාගේ කටුනායක ගමනේදී සිදුවූ වෙනත් විශේෂ සිදුවීමක් පිළිබඳවය. මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ ඡායාරූප ගැනීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එම ගමනට එක්ව සිටි ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ද ප්‍රංශ ජනාධිපතිවරයා සමග එක්ව ඡායාරූප ගැනීම සහ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීමය. මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයාද යම් අපහසුතාවකට පත්වුවත් ඒ මොහොතේ කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා කටයුතු කොට නොතිබිණි.

ආරක්ෂාවටත් තර්ජනයක්!

කෙසේ වෙතත් ප්‍රශ්නය පැනනැගුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ පිළිබඳ සිය අප්‍රසාදය ප්‍රකාශ කිරීමත් සමගය. ඔවුන් පෙන්වා දී තිබුණේ විදෙස් රටක ජනාධිපතිවරයකු යම් රටකට පැමිණි පසු ‘ප්‍රොටෝකෝලයට’ අනුව, එසේත් නොමැති නම් ධුරාවලියට අනුව එරට ජනාධිපතිවරයා සහ ඉහළ මට්ටමේ මැති ඇමැතිවරුන්, නිලධාරීන් හැරුණු විට වෙනත් සාමාන්‍ය මට්ටමේ පුද්ගලයන්ට ඡායාරූප ගැනීමේ අවස්ථාවට එක්විය නොහැකි බවකි. විශේෂයෙන්ම පෞද්ගලික ඡායාරූප හෝ සෙල්ෆි ඡායාරූප ගැනීම සෙසු නිලධාරීන්ට තහනම් බවත්, එසේ කිරීම ප්‍රොටෝකෝලය බිඳදැමීමක් බවත් එම නිලධාරීන් පෙන්වා දී තිබිණි. අනෙක් අතට ප්‍රංශය වැනි ප්‍රබල රටක ජනාධිපතිවරයකු ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී සාමාන්‍ය පුද්ගලයන් ජනාධිපතිවරයා සමග පෞද්ගලික ඡායාරූප ගැනීම එම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද එම නිලධාරීන් පෙන්වා දී තිබිණි.

ෆොටෝ තහනම්!

ඊළඟ ප්‍රශ්නය පැනනැගුණේ ප්‍රංශ ජනාධිපතිවරයා සමග සෙල්ෆි ගැසූ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඒවා සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් ඔස්සේ පළකිරීමට කටයුතු කොට තිබීම හේතුවෙනි. එහිදී විවිධ පුද්ගලයන් එම ඡායාරූපවලට විවිධ අදහස් දක්වා තිබීමද යම් ගැටලුකාරී තත්ත්වයක් මතුකොට තිබිණි.
ඒ අනුව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය සිය සමස්ත කාර්ය මණ්ඩලයට බලපාන පරිදි නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එම නිවේදනයෙන් කියැවුණේ ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිම සේවකයකු මින් ඉදිරියට රාජ්‍ය නායකයන් සමග ඡායාරූප ගැනීම හෝ ඒවා ප්‍රචාරය කිරීම සපුරා තහනම් යැයි කියාය. අදාළ රාජ්‍යතාන්ත්‍රික හමු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පළකළ නොහැකි බවත්, නිල නිවේදන මගින් පමණක් ඒවා සිදුවිය යුතු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

බැසිල්ට පස්සේ මහින්දත් හොරෙන්ම ගිහින් ෂැංග්‍රිලා එකේදි රනිල් එක්ක සාකච්ඡාවක් කරලා! මීටින් එක ලෑස්ති කරලා තියෙන්නේ යෝෂිත! නාමල්ට ටිකක් අප්සට්ලු! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

හලාවත 9 හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක්ද, දිවි නසාගැනීමක් යන්න සොයා පුළුල් විමර්ශනයක්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.