ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තිස් නමයක ප්‍රමාණයක්, මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයක පසුවන බවත්, පවුල් දස දහසක්, ජීවත් වීම සදහා මාරාන්තික අරගලයක නිරතව සිටින බවත්, යුනිසෙෆ් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙලිවන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.Sri Lanka Latest News
ලක්ෂ විසිනමයකට ආසන්න දරුවන් පිරිසකට, පෝෂණය අධ්‍යාපනය, ජලය සහ සනීපාරක්ෂාව සපයා ගැනීම සදහා මානුෂීය ආධාර අවශ්‍යව ඇති බවද අදාල වාර්තාවේ සදහන් වේ.
යුනිසෙෆ් විසින් නිකුත් කර තිබෙන මෙම වාර්තාව, මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි තිහ දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කර තිබේ.
වයස අවුරුදු පහට අඩු දරුවන් අතර, නිසි බර ප්‍රමාණය නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ 13.1% ක් ලෙස පැවති අතර, එය මේ වසරේ අප්‍රේල් මාසයේ දී 15.8% දක්වා ඉහළ ගොස් තිබේ.










