ජන අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (01) වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණා.
එහිදී ඔවුන් සඳහන් කළේ දූෂිත පාලකයන් විසින් විනාශ කරනු ලැබූ මාතෘ භූමිය රැකගැනීම සඳහා වන ජන අරගලයක් නුදුරේදීම සිදුවන බවත්, එය මැඬපැවැත්වීමට ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිවකුට හැකියාවක් නොලැබෙන බවයි.










