විල්පත්තුව ජාතික වනඋද්‍යානයේ ප්‍රේරණ කලාපය කෝමාරිකා වගාවක් සදහා යැයි පවසමින්, එළි කිරීම සම්බන්ධයෙන් සොයා ගැනීම සම්බන්ධව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති,ලියංවෙල සාසනරතන හිමියන් ඇතුලු පිරිසක් එම ස්ථානයට යමින් සිටියදී, මැර පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ බව පවසමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන් ඇතුලු මහ සංඝරත්නය ඊයේ සවස මිහින්තලේ පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කරයි.Sri Lanka Latest News
විල්පත්තු අබය භුමිය කොමාරිකා වගාවකය යයි පවසමින් අවස්ථා කිහිපයකදී එලි පෙහෙලි කිරීම සම්බන්ධව තමන් වහන්සේ විසින් වගකිව යුතු ආයතන වලට පැමිනිලි කලද මෙතෙක් එම කටයුතු නතර කර නැති බව, පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගල හිමියන් පවසයි.
මෙම හේතුවෙන් මේ පිළිබදව සොයා බැලීමට විල්පත්තුව ප්‍රදේශයට ගිය අවස්ථාවේදී මෙම මැර ප්‍රහාර එල්ල වූ බවත්, ඉන් පුද්ගලයින් දෙදෙනෙකුට හා මෝටර් රථයක ගමන් ගත් මාධ්‍යවේදී පිරිසකට ප්‍රහාරයක් එල්ල වූ බවත් මෙය අවුරා ලංකා සමාගමේ හිමිකරු විරාජ් තාඹුගල මහතාගේ මෙහෙයවීමෙන් එම ප්‍රහාරය සිදු කළ බව එම හිමියන් පවසයි.
මෙම මැර ප්‍රහාරය සම්බන්ධව මහා සංඝරත්නය විසින් ජංගම දුරකථනය මගින් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුන්ට පැමිණිලි කළහ.










