බම්බලපිටියේදී 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Air Force soldier Bambalapitiya










