ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පසුගිය 30 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ‘දූෂණ විරෝධී හඬ සංවිධානයේ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා එල්ල කර තිබූ චෝදනාවන්ට පිළිතුරු ලබාදුන්නා. එහිදී ගාමිණී ඒකනායක මහතා පෙන්වා දුන්නේ තමන් සිමෙන්ති සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන සමයේ සිදුවූ බවට වසන්ත සමරසිංහ මහතා එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. පහත පළවන්නේ ඒකනායක මහතා මාධ්‍ය හමුවේ සිදුකළ එම ප්‍රකාශයෙන් උපුටාගත් කොටස් කිහිපයකි. (Sri Lanka Latest News)
ජනතා විමුක්ති පෙරමුණේ දූණණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කරපු ප්‍රකාශය පිළිබඳ සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා වශයෙන් මට ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුණා. මොකද මම සිමෙන්ති සංස්ථාවේ සභාපති ලෙස 2020 පැමිණියාට පසුව සිමෙන්ති සංස්ථාවට අයිති අක්කර 5,382ක භූමියක් 283 කියන ගැසට් එකෙන් පුත්තලම සිමෙන්ති සමාගමට පවරලා දුන්නා. නමුත් 1993දී තවත්කාල් කියන සමාගමට රජය සතු සිමෙන්ති සමාගම වික්කා කුණු කොල්ලෙට. හැබැයි වික්කේ ෆැක්ටරි එක පමණයි. අක්කර 5,382ක ඉඩම සිමෙන්ති සංස්ථාව සතුව තිබුණා. ඒක බදු දුන්නා අවුරුදු 50කට. ඒ කියන්නේ 1993 ඉඳලා 2043 වෙනතුරු වර්ෂ 5න් 5ට ඒ බදු මුදල වැඩිවෙන විදියට. අද වෙනකොට සිමෙන්ති සංස්ථාවට වාර්ෂිකව රුපියල් මිලියන 66ක පමණ ආදායමක් ලැබෙනවා ඒ බදු කුලිය වශයෙන්. අද වෙනකොට ‘ඉන්සී‘ කියන සමාගම තමයි සිමෙන්ති නිෂ්පාදනය කරන්නේ. ඔවුන් තමයි පුත්තලම සිමෙන්ති සමාගම මිලට අරගෙන තියෙන්නේ. මෙහි ප්‍රශ්නය වෙන්නේ සිමෙන්ති නිෂ්පාදනයේදී පුත්තලම ප්‍රදේශයේදී හුණුගල් තට්ටුව තියෙන්නේ මීටර් 30ක් පමණ යටින්. ඒකට උඩින් පස් තට්ටුවක් තියෙනවා මීටර් 30ක පමණ. මේ පස් තට්ටුව පරීක්ෂා කළොත් ඕනෙම කෙනෙකුට තේරෙනවා ඒක රතු පාට පස් කියලා. ඒ පස්වල ස්වභාවය ඉතාම වෙනස්. ඒක තුළ තියෙනවා ඉල්මනයිට් වැනි වැඩි වාණිජ වටිනාකමකින් යුත් බර ඛනිජ ද්‍රව්‍ය. ඒක තියෙන බව සිමෙන්ති සංස්ථාව ආරම්භයේදීම දැනගෙන හිටියා. නමුත් සිමෙන්ති සංස්ථාවට අයිතියක් නැහැ ඒ ඛනිජ ද්‍රව්‍ය නිස්සාරණය කරලා වැලිව් ඇඩිෂන් කරන්න. ඔවුන්ට පවරලා තිබුණේ හුණුගල් පමණක් පාවිච්චියට ගන්න පමණයි. නමුත් මේ පස් තට්ටුව සම්බන්ධව ගවේෂණ බලපත්‍රය ගත්තා ඉලූකා කියන කම්පැනි එක. ඒක ඇත්ත. හැබැයි ගවේෂණ බලපත්‍රයෙන් ඔවුන් ගවේෂණය කරන්නේ මේ රතු පස් තට්ටුව විතරක් නම් ඒක ප්‍රශ්නසහගතයි. මොකද ඒක අලුතෙන් ගවේෂණය කරන්න දෙයක් නෑ. අද ගියත් මේ පස් තට්ටුවෙන් පස් ටිකක් අරගෙන වාහන කුලියත් එක්ක වැඩිම වුණොත් රුපියල් 25000ක් වැය කරනකොට මේකේ 8%ක් තියෙනවා කියන එක ඕනෙම පුද්ගලයෙකුට බලාගන්න පුළුවන්. අපි ඒ විදියට මේකේ තියෙන ප්‍රමාණය බලාගත්තා. ඒකට මිලියන ගානක් විදයම් කරලා වැඩක් නෑ. ඔවුන් මිලියන එකසිය ගානක් වියදම් කළා නම් අක්කර 5,382ටම වෙන්න ඕනේ ඒ වියදම කරලා තියෙන්නේ. එහෙම වියදම් කළා නම් තමන් ඒක ඔප්පු කරන්න ඕනේ අපි වියදම් කළේ මේ කාර්යයටයි කියලා. එහෙම නැතුව පස් ස්ථරය තියෙන මිනරල් ප්‍රමාණය හොයාගන්න ඉල්මනයිට් ප්‍රමාණය හොයාගන්න එපමණ මුදලක් වියදම් කරන්න වුවමනා නෑ.
හැබැයි මෙතැන ප්‍රශ්නය වෙන්නේ අපි ආවාට පසුව ඉලූකා ඉන්ටර්නැෂනල් ආයතනයේ ගවේෂණ බලපත්‍ර කාලය අවසන් වෙලා තිබුණා. එතකොට අපි රජය විදියට තීන්දු කළා මෙහි සම්පූර්ණ වාසිය රජයට ලබාගන්න. අපි තීන්දු කළා අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා මිනරල් සමාගම සමග එකතු කළා ව්‍යාපෘතියක් සකස් කරන්න. ඒක අපි ඇමැතිවරයාට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ විමල් වීරවංශ ඇමැතිතුමා අපිට ඒ අවස්ථාව ලබාදුන්නා. මේක තමයි අපි හදපු ව්‍යාපෘති වාර්තාව. අරුවක්කාරු ව්‍යාපෘති වාර්තාව. මේ වාර්තාවේ අපි ඉතා පැහැදිලිව කියනවා ස්ටේජස් දෙකකට තමයි මේක පටන්ගන්නේ කියලා. එකක් රතු පස් තට්ටුවෙන් වෙන් කරගන්නවා ඉල්මනයිට්. ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලංකා මිනරල් සමාගම සතුව තිබුණා. ඒකේ එන ප්‍රමාණය තමයි දවසකට මෙටි්‍රක් ටොන් 9,200යි. ඒ කියන්නේ සිමෙන්ති සමාගම හුණුගල් ගන්න අයින් කරන පස් තට්ටුවේ ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 9,200යි. දවස් 25ක් වැඩ කළොත් එයාලා ගන්න ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 2,30,000ක්. මේක ඇතුළේ තමයි තියෙන්නේ 8%ක ප්‍රමාණය. එතකොට ඒක වැඩිකරන්නත් බෑ, අඩු කරන්නත් බෑ. මොකද හරියට නම් මේ සිමෙන්ති සමාගමට දීලා තියෙන්නේ අවුරුදු 50කට. 495 කියන බදු ගිවිසුමෙන් අවුරුදු 50කට දීලා තියෙනවා. එතකොට අවුරුදු 50ට ඔවුන් මෙටි්‍රක් ටොන් 2,30,000 ගානේ තමයි ගන්නේ. ඔවුන්ගේ ධාරිතාව ඒක. ඒක තුළ තමයි ඉල්මනයිට් ආදිය තියෙන්නේ. ඒකට තමයි අපි හැදුවේ ප්‍රොජෙක්ට් එක. ඒකට තමයි ඇමැතිවරයා අපිට ඉඩ දුන්නේ. ඊට පස්සේ මොකක්ද වුණේ? මේ ඉලූකා කියන සමාගම දිගින් දිගටම මේ ව්‍යාපෘතියට බාධා කළා. අවසානයේ සිද්ධ වුණේ ලංකා මිනරල් සමාගම මොනම හෝ හේතුවකට, මම දන්නේ නෑ හේතුව. මට හෙළිදරව් වුණේ නෑ. නමුත් ඔවුන්ට කරගෙන යන්න බැරි නිසා ඒක අතහැරලා දැම්මා. මේකෙන් සිදුවුණේ රටට ලබාගන්න තිබුණු ආදායම නැතිවුණු එක.
ආදායම නැතිවුණාම සිමෙන්ති සමාගම විදියට අපිට මොකක්ද කරන්න තිබුණේ? සිමෙන්ති සංස්ථාව විදියට අපි තීන්දු කළා අපි දෙනවා නම් දෙන්නේ සිමෙන්ති සංස්ථාවට වැඩි ආදායමක් ලැබෙන විදියට කියලා. ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධ අයිතිවාසිකම් දෙකක් තියෙනවා. එකක් මිනරල් රයිට් එක. ඒ කියන්නේ ඛනිජමය අයිතියට ජී.එස්.එම්.බී. එකට රෝයල්ටි (රාජ්‍ය භාගය) ගෙවන්න ඕනේ. රාජ්‍ය භාගය ගෙවන්න මේ අය සූදානම්. හැබැයි අපි කිව්වා රාජ්‍ය භාගය ගෙවීම හැර සිමෙන්ති සංස්ථා ඉඩමේ අයිතිකරු විදියට රාජ්‍ය ගාස්තුව ගෙවන්න ඕනේ කියලා. මොකද රජයේ දේපළක් දෙනවා නම් ඒ දේපළට හිමි රාජ්‍ය ගාස්තුව ගෙවන්න ඕනේ. රාජ්‍ය ගාස්තුව තීන්දු කරන්නේ කොහොමද? ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තමයි රජයේ ඉඩම්වල අයිතිකාරයා. රජය සතු ඉඩමක් අපිට දීලා තිබුණේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා. එතකොට අපිට අධ්‍යක්ෂ මණ්ඩලයට තීන්දු කරන්න බෑ කොපමණ මුදලක් ගන්නවද කියලා. ඒක තීන්දු කරන්නේ රජයේ නියමිත ආයතන විසින්. ඔවුන් ඒක තක්සේරු කරනවා. ඉඩම තක්සේරු කරලා, ඒකේ වාණිජ වටිනාකම තීන්දු කරලා තමයි රාජ්‍ය ගාස්තුව තීන්දු කරන්නේ.
එතකොට මොකක්ද මේ රාජ්‍ය ආයතන සම්බන්ධව ඉලූකා කියන ආයතනය දැරූ මතය? ඔවුන් 2022.09.09 වැනිදා ලියුමක් එවනවා සිමෙන්ති සංස්ථාවේ සභාපති විදියට මට. මිනරල් රයිට් එකට හැරෙන්න රාජ්‍ය ගාස්තුව ලෙස කීයක්වත් ගෙවන්නේ නැති බව සඳහන් කරමින්. ඒ වෙලාවේ මම සහ අධ්‍යක්ෂ මණ්ඩලය කියා සිටියා රජයට හිමි ගාස්තුව ගෙවන්නේ නැත්නම් අපි ඉලූකා කියන ආයතනයට යන්න දෙන්නේ නෑ කියලා. අපි අවසර නොදෙන බව ඉතා පැහැදිලිව කිව්වා. මේක දිගින් දිගටම සංවාදයක් විදියට ගියා කර්මාන්ත අමාත්‍යාංශය සහ අපි අතර. මේකෙදී 2022.04.01 වැනිදා පරිසර ඇමැති අමරවීර මහත්මයා සහ විමල් වීරවංශ මහත්මයා එකතු වෙලා මේක සාකච්ඡා කළා. කැබිනට් එක තීන්දු කළා මේක සාකච්ඡාවක් තියලා වැඩි ලාභයක් එන විදියට කරන්න කියලා. නමුත් එතැනදී එකඟත්වයකට එන්න බැරිවුණා. පරිසර ඇමැතිතුමා කිව්වේ ඉලූකා සමාගමට දෙන්න කියලා. විමල් වීරවංශ ඇමැතිතුමා කිව්වේ සිමෙන්ති සංස්ථාවට දෙන්න කියලා. ඒ ඝට්ටනය නිසා කාටවත් මේක කරගෙන යන්න බැරිවුණා. එතැනදීත් ඔවුන් කිව්වේ රාජ්‍ය ගාස්තුව ගෙවන්නේ නෑ කියලා. රාජ්‍ය ගාස්තුව ගෙවන්නේ නැත්නම් අපිට වුවමනා නෑ විදේශ සමාගමකට දෙන්න. මොකද සිමෙන්ති සංස්ථාව කියන්නේ භාරකාරයෙක් මිසක් අයිතිකාරයෙක් නෙවෙයි. ඒකේ සභාපතිවරයත්, අධ්‍යක්ෂවරයාත්, අධ්‍යක්ෂ මණ්ඩලයත් ඇවිල්ලා තියෙන්නේ ජනතාවගේ දේපළ ආරක්ෂා කරන්න. මොකද අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ඈ වගන්තියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා රාජ්‍යය සතු ස්වභාවික දේපළ ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම සහ ඒවා ප්‍රයෝජනයට ගැනීම සෑම පුරවැසියකුගේම යුතුකමක් කියලා. ඒක බැඳෙනවා හැමතිස්සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියත් එක්ක. ඒ ජනතාවට වැඩි වාසියක් ලැබෙන පරිදි තමයි ඒක අර්ථ නිරූපණය කරන්න ඕනේ.
රාජ්‍ය ගාස්තුව අතහැරියොත් කාටද වාසිය වෙන්නේ? වසන්ත සමරසිංහ මහතා මොකක්ද කියන්නේ? රාජ්‍ය ගාස්තුවක් ගැන කතා කරන්නේ නෑ. දේශීය සමාගමක් එක්ක එකතු වෙච්ච විදේශීය ආයෝජකයෙක් ඇවිල්ලා ඉන්නවා, එයාට දෙන්න කියලා කියනවා. විදේශ ආයෝජකයෝ සම්බන්ධව ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධව මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය තමයි Exchange Act එක. ඒකේ කියනවා විදේශීය සමාගමකට ගන්න පුළුවන් ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධව 40%ක අයිතියක් පමණක් බව. ඉතිරි 60% දේශීය ව්‍යාපාරිකයෝ වෙන්න ඕනේ. ඉලූකා කියන මේ සමාගම හදනවා පුත්තලම් ඉල්මනයිට් ලිමිටඩ් කියලා එකක්. ඒකේ කොටස්කාරයෝ විදියට ඩිල්මා කියන කම්පැනිය, එල්.ඕ.එල්.සී. කියන සමාගම සහ තවත් සමාගමක් එකතු වෙලා මේ පී.අයි.එල්. කියන සමාගම හදනවා. මේ පී.අයි.එල්. කියන සමාගමේ 79%ක කොටස් තියෙන්නේ ඉලූකා කියන ඔස්ටේ්‍රලියානු සමාගමට. 21%යි දේශීය සමාගමට තියෙන්නේ. ඒකත් සම්පූර්ණ Exchange Control Act එකට විරුද්ධයි. මොකද දේශීය සමාගමකට නෑනේ. එතකොට ඒවා ගැන ඇයි කතා කරන්නේ නැත්තේ?
අපිට ඇත්තටම පුදුමයි දූෂණ විරෝධී හඬ දූෂණයට ඉඩ දෙනවද කියලා. මොකද ඒ ඇක්ට් එකේ පැහැදිලිව කියනවා 40%යි විදේශීය සමාගමකට එන්න පුළුවන්. නමුත් මේකෙදී Exchange Control Act එක උල්ලංඝනය කරලා තියෙනවා.
ඊළඟ කාරණාව වසන්ත සමරසිංහ මහත්මයා කියනවා ඩොලර් මිලියන 120යි කියලා. හැබැයි ඔවුන් බී.ඕ.අයි. එකට ඉදිරිපත් කරපු එකේ කියන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක් බව. අපිට ඉදිරිපත් කරපු ලේඛනවල ඩොලර් මිලියන 400ක්. තවත් තැනකදී කියනවා ඩොලර් මිලියන 600ක් කියලා. එක එක අවස්ථාවලදී එක එක ගණන්. ආයෝජනයක් එනවා නම් ඒ ආයෝජනය නිශ්චිත වෙන්න ඕනේ.
ඉලූකා ඉන්ටර්නැෂනල් සමාගමත් සමග සාකච්ඡා කීපයක් පැත්වුණා. අපි එක තැනකදී ඇහුවා ඔයාලා මුදලින් කීයක් ගෙනවද කියලා. එතකොට ඔවුන් කිව්වා අපි සතයක් ගේන්නේ නෑ යන්ත්‍රා්පකරණ ගේනවා කියලා. අපිට යන්ත්‍රෝපකරණ මොකටද? අප්‍රිකාවේ රත්‍රන් ගන්න යන්ත්‍රෝපකරණ ගෙනිච්චා. ඒ යන්ත්‍රෝපකරණවලින් රත්‍රන් අරගෙන ඒවායේ කාලය අවසන් වුණාම ඒවා දාලා යනවා. ඒකම තමයි කරනවා කිව්වේ. අපිට මොකටද යකට ගොඩක්? මුදලින් ගේන්නේ නැතුව ඉල්මනයිට් ගන්න ගේන යන්ත්‍රෝපකරණ ටික විතරයි ආයෝජනය. මුදලින් සතයක්වත් ගේන්නේ නෑ. බී.ඕ.අයි. එකේදීත් පැහැදිලිව ඇහුවා ඩොලර් මිලියන 100ක්වත් ගේනවද කියලා. යන්ත්‍ර ටික විතරයි ගේන්නේ කිව්වා.
මේ වගේ රජයට ලැබිය යුතු මුදල ගෙවන්නේ නැති සමාගමක් වෙනුවෙන් තමයි වසන්ත සමරසිංහ මහත්තයා කතා කරන්නේ. එතකොට රටේ ජනතාවට මේකෙන් මොකක්ද ලැබෙන්නේ? ලැබෙන දෙයක් නෑ. අපි මෙතැනදී ඉලූකා ඉන්ටර්නැෂනල් සමාගම සහ ලංකා මිනරල් සමාගම ඉදිරිපත් කරපු ව්‍යාපෘති වාර්තා දෙක සංසන්දනය කරලා වැඩි වාසියක් ලැබෙන්නේ මොකෙන්ද කියන එක ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වා මිනරල් සමාගමට කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමිය. එතැනදී ඉදිරිපත් කළ වාර්තාව අනුව ලංකාවට ලැබෙන්නේ විදේශීය සමාගමට දුන්නොත් අවුරුදු 40ට ලැබෙන්නේ ඩොලර් මිලියන 490යි. හැබැයි අපි කළොත් අපිට ඩොලර් මිලියන 3,500ක් ලැබෙනවා අවුරුදු 100කදී. වර්තමාන පරම්පරාට පමණක් නෙවෙයි අනාගත පරම්පරාවටත් ඒකේ වාසිය තියෙනවා. එහෙම ලේඛන මගින් ඒ බව තහවුරු වෙලා තියෙද්දී රජයක් විදියට ඇයි මේකට අත ගහන්නේ නැත්තේ?
පළමු අවස්ථාව තමයි වැලිවලින් ඉල්මනයිට් තෝරාගැනීම. ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. ඒකට ලංකාවේ මුදලින් මිලියන 1500ක් වගේ මුදලක් වැයකරද්දී කරගන්න පුළුවන්. හැබැයි මෙතැනදී ඉලූකා රිසෝසස් ආයතනය සහ පී.අයි.එල්. කියන ආයතනය වැලිව් ඇඩිෂන් කරන ආයතනයක් නෙවෙයි ඔවුන්ම ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් අනුව. ඔවුන් වරින් වර අපිත් එක්ක ආයෝජන මණ්ඩලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, අමාත්‍යවරුත් සමග කළ සාකච්ඡාවලදී කිව්වේ ඔවුන් වැලිව් ඇඩිෂන් කරන්නේ නෑ, ඉල්මනයිට් කියන එක නිස්සාරණය කරලා ගන්න එක පමණයි කරන්නේ කියලා. ඒකෙන් මොවුන් අර්ථ නිරූපණය කරන්න හදනවා වැලිවලින් ඉල්මනයිට් වෙන්කර ගැනීම වැලිව් ඇඩිෂන් එකක් විදියට. ඒ විදියට නීතිත් හදාගෙන යනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඉල්මනයිට්වලින් නිෂ්පාදනයක් කරන්න ඕනේ. හරියට සින්තටික් කෘටයිල් හැදුවොත් එහෙම ඉතා විශාල මුදලක් ලබාගන්න පුළුවන්. නැත්නම් ඉල්මනයිට් ටොන් එකක් ඩොලර් මිලියන 150ක් විතර වෙනවා. මේක අපිට ගන්න පුළුවන් ඩොලර් මිලියන 1500 – 2000ක් අගය එකතු කළොත්. ඒක කරන්නේ නැති කම්පැනියකට තමයි මේ වැලිව් ඇඩිෂන් කරනවා කියලා කියන්නේ. වසන්ත සමරසිංහ මහත්තයා හොයලා බලන්න මේ ඉලූකා රිසෝසස් කියන කම්පැනිය වැලිව් ඇඩිෂන් කරන ආයතනයක්ද කියලා? එහෙම නැතුව දූෂණ විරෝධී හඬ කියලා සංවිධානයක් හදාගෙන රටේ ජනතාව නොමග යවන බොරු කියන එක වැරැදියි.
රටේ ජනතාවට මේකේ සම්පූර්ණ වාසිය ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අපි ඒ දේපළ අවභාවිත කිරීමක්. ඒකට පැහැදිලි නඩු තීන්දු තියෙනවා. එප්පාවල පොස්ෆේට් නිධිය විකුණන්න ගිය වෙලාවේ ඒකට ඉඩ දුන්නේ නෑ. ඉඩ දුන්නේ නැත්තේ මොකද, අපිට අපේ තාක්ෂණය මදි වුණු අවස්ථාවලදී ඒක පාවිච්චි කරන්න බැරිවෙයි. නමුත් අපිට තාක්ෂණය ලැබිච්ච දවසට මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි කොයි වෙලාවකවත් මතයක් දරන්නේ නෑ විදේශීය ආයෝජනයක් අරගෙන මේකේ අගය වැඩිකිරීම කරන්න එපා කියලා. ඒක කරන්න ඕනේ. නමුත් රජයට ලැබිය යුතු ගාස්තුව අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ. එහෙම ගෙවන්නේ නැතුව විදේශීය සමාගමක් කියලා අල්ලගෙන බදාගෙන ඒකට ඉඩ දෙන්න කියන එක නෙවෙයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ වගකීම විය යුත්තේ. මම වසන්ත සමරසිංහ මහත්තයට අභියෝග කරනවා පුළුවන් නම් අපිත් එක්ක සංවාදයකට එන්න කියලා. අපි විදේශීය ආයෝජනවලට විරුද්ධද, අපි රටට හානියක් කරලා තියෙනවද, අපි රටට වාසියක් දෙන්න හදනවද, එහෙම නැත්නම් එතුමා රටට වාසියක් දෙන්න හදනවද කියන එක පැහැදිලි කරන්න අපිත් එක්ක සංවාදයකට එන්න. මම ඕනෑම වෙලාවක, එතුමා කියන ඕනෙම තැනකට අවශ්‍ය ලේඛන ටික අරගෙන එනවා.
චාමර සම්පත්ටවත්, වෙන කිසිම කෙනකුටවත් මේක විකුණගෙන කන්න බෑ. ජනතාවට මේකේ වාසිය ලැබෙන්න ඕනේ. නියම නීත්‍යනුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුව රජය සතු මේ ස්වභාවික සම්පත් භුක්ති විඳින විදියට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. බොරුවට විදේශ ආයෝජන කියලා රටේ ජනතාවට කොලේ වහලා ගහලා විදේශීය සමාගමකට පවරා දුන්නොත් අපි දන්නවා අප්‍රිකාවේ රටවලට මොකක්ද වුණේ කියලා. අද යුරෝපයේ රටවල් හැදිලා තියෙන්නේ අප්‍රිකානු රටවල තිබුණු ඛනිජ ද්‍රව්‍ය කොල්ලකාලා. ප්‍රංශයේ අයිෆල් කුලුන හැදුවේ අප්‍රිකාවේ යකඩ ගෙනිහින්. මුළු යුරෝපෙම අද සංවර්ධනය වෙලා තියෙන්නේ අප්‍රිකාව කොල්ලකාලා. ඒ විදියට අපේ රටේ තියෙන දේපළ අපේ දුප්පත්කම පාවිච්චි කරලා විදේශ ආයෝජන කියලා දෙනවා නම් අපි විරුද්ධ වෙනවා. හැබැයි විරුද්ධ වෙන්නේ විදේශ ආයෝජනවලට නෙවෙයි. විදේශ ආයෝජන ලබාදෙන්න ඕනේ මේ රටේ තියෙන නීති රාමුවට අනුව ප්‍රයෝජනට අරගෙනයි. එතැනදී විදේශ විනිමය පාලන පනතේ පැහැදිලි නීති තියෙනවා. පතල් හා කැනීම් නීති හරියට ක්‍රියාත්මක වුණොත් මේ රටට ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ ප්‍රයෝජනයට ලැබෙන්නේ නැතුව කැබිනට් තීන්දුව ගත්තත්, නීතියට අනුව නැත්නම් ඒකට විරුද්ධව නඩු පවරන්න ජනතාවට අයිතිය තියෙනවා.
සිමෙන්ති සංස්ථාව කියන්නේ රජය සතු ආයතනයක්. ඒ ආයතනයට ලැබෙනවා කියන්නේ භාණ්ඩාගාරයට ලැබෙන එක. ඒ ආකාරයට ජනතාවට ලැබෙන විදියට මේ ඉල්මනයිට් නිධිය ප්‍රයෝජනයට ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න කියලා අපි රජයට කියනවා. රජය උත්සාහ කරන්නේ එය ඉලූකා කියන සමාගමට ලබාදෙන්න. ඒක නීත්‍යනුකූල පටිපාටියට අනුව ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම වසන්ත සමරසිංහ මහතාට මම අභියෝග කරනවා විවාදයකට එන්න කියලා මේ ගැන. එතකොට මම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්නම් වුණේ මොකක්ද කියන එක.
Voice Tube යූටියුබ් නාලිකාවෙනි