සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සම්පත් සොරා කෑ සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා සිරකූඩුවේ ලැගීමට සලස්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අද දින සමගි ජන බලවේගයේ පළමු මැයි රැලියට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එමෙන්ම ඔවුන් හොරා කෑ ධනයද යළි රටට රැගෙන එන බවද ඒ මහතා සදහන් කර සිටියේය.










