සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලු,භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් හා ඇමෙරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු පිරිසක් අතර සුවිශේෂී සාකච්ඡාවක් අද (6) කොළඹ දී සිදුවිය.Sri Lanka Latest News
වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයේ අවදානය යොමු විය.
මෙම අවස්ථාවට USAID ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, විර්සා පර්කින්ස් (ඩොනල්ඩ් ලූ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා), USIAD ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ Gabriel Grau Asta Zinbo, USAID තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් යනාදීන් එක්විය.
එසේම සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදින්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ එස්. එම්. මරික්කාර් යනාදීන් එක්විය.
















