අම්බලන්ගොඩ නගරයේ ඊයේ (24) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.










