දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ පුද්ගල ඝාතන සහ තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනකු මාතලේ, නාවුල සහ මොරටුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
නාවුල ලේණමීය ප්‍රදේශයේදී 2022 වසරේ ඔක්තෝම්බර් මස 5 වනදා පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබුවා.
අවුරුදු 38 සහ 49 වයස්වල පසුවන සැකකරුවන් නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් නාවුල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මොරටුව ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමට අදාළ සැකකරුවෙකු ඊයේ (24) රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම පුද්ගලයා සතුව තිබී මන්නා පිහි 5ක්, කඩු 3ක් සහ පිහියක් සොයා ගැනුණා.
සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
dasathalankanews










