එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති උත්සවයකදී විදේශ ඇමැති අලි සබ්‍රි සිය පුත්‍රයා සමඟ සිටිමින් ගන්නා ලද ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඩේලිමිරර් පුවත්පතද එම ඡායාරූපය පළකිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
දේශපාලනඥයන්ගේ ඥාතීන්ට මෙවැනි වරප්‍රසාද ලබාදෙන්නේ මන්දැයි එම විවේචනයන්හිදී ජනතාව ප්‍රශ්න කර ඇත.
ට්විටර් වේදිකාවේ වැඩි වශයෙන් සංසරණය වන මෙම ඡායාරුපය හුවා දක්වමින් බොහෝදෙනා ප්‍රශ්න කර ඇත්තේ, ඇමැති පුත්‍රයා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත කණ්ඩායමේ කොටසක් වන්නේ කෙසේදැයි කියාය.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති දූත පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු ඇතුළත් කළේ මන්දැයි යන්නද මීට පෙර සමාජ මාධ්‍යය ඔස්සේ සාකච්ඡාවට ලක්කෙරුණු අතර, පසුව පාර්ලිමේන්තුවේදීද ඒ පිළිබඳව ප්‍රශ්න කෙරිණි.










