සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේදී විවෘතව තබන බවට ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ පවසයි.Sri Lanka Latest News
දෙස් විදෙස් සංචාරකයන් සඳහා සීගිරිය රාත්‍රී කාලයට විවෘතව තැබීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පැවැසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වාර්තා සංචාරකයන් නොමග යවන සුලු හා සම්පූර්ණයෙන් ම අසත්‍ය පදනම්ව සමාජගත කළ තොරතුරක් බව පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ රජය හෝ අදාළ වෙනත් ආයතන කිසිවක් මෙවැනි තීරණයක් ගැන නොමැති බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශ පළකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ද පැවසීය.
සීගිරිය නැරැඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරයකන් සඳහා කාල වේලාවක් වෙන්කර ඇති බවත් රාත්‍රී කාලයේදී සීගිරි අසිරිය අත්විඳින්නට ඉඩකඩ ලබා දෙන්නේ නම් ඊට පෙර නීතිමය ක්‍රියාමාර්ග කීපයක් ගතයුතුව ඇති බව පැවසීය.
පසළොස්වක පෝය ද හා ඊට පෙර හා පසු දෙදින බැගින් දින පහක් සීගිරිය රාත්‍රී කාලයේදී නැරැඹීමට ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.











