ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය සබ්මැරීනය සම්බන්ධයෙන් මේ වන විට මුළු ලොවෙහිම අවධානය යොමුව ඇත. (Sri Lanka Latest News)
එක්සත් ජනපද වෙරළාරක්ෂක නිලධාරීන් ඊයේ (22) ප්‍රකාශ කළේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයේ පිපිරීමක් සිදුවී ඇති බවත්, සබ්මැරීනයේ සිටි පුද්ගලයින් පස් දෙනාම මියගිය බවත්ය.
පිපිරීමෙන් පසු සබ්මැරීනයේ සුන්බුන් අත්ලාන්තික් සාගරයේ මතුපිට සිට සැතපුම් දෙකක් පහළින් ටයිටැනික් අසල වැටී ඇති බවත් පවසා ඇත.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ ආර් අද්මිරාල් ජෝන් මෝගර් වාර්තාකරුවන් සමඟ කතා කරමින් කියා සිටියේ සබ්මැරීනයේ සිටින පුද්ගලයින් ගැන ශෝකය පළ කරන බවයි.
‘මට හිතාගන්න පුළුවන් එයාලට කොහොම හැඟෙන්න ඇද්ද කියලා. ඔහු කීය.
ඔහු වැඩිදුරටත් කීවේ පිපිරීම සිදු වූයේ කවදාදැයි කීමට ඉක්මන් වැඩි බවයි. මේ ගැන තවමත් බොහෝ ප්‍රශ්න තිබේ. ඒවාට පිළිතුරු සෙවිය යුතුය ඔහු පැහැදිලි කලේය.
මෙම තොරතුරු අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් හෙළි කිරීමෙන් පසු සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම අවසන් විය හැකිය.
ටයිටැනික් නෞකාව ආසන්නයේ සුන්බුන් දැක ඇති බව ඊයේ පස්වරුවේ නිලධාරීන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එය අතුරුදන් වූ සබ්මැරීනය විය හැකි යයි අනුමාන කරන් අතර, එය තවමත් විමර්ශනය වෙමින් පවතින බව දන්වා ඇත. විධිමත් තහවුරු කිරීමක් තවමත් සිදුකර නොමැත. එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ දුරස්ථව ක්‍රියාත්මක වන යානයකින් සුන්බුන් සොයා ගත් බවයි.
මීට පැය කිහිපයකට පෙර සිය මෙහෙයුමේ සොයාගත් කරුණු ගැන එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර එහිදී නිලධාරීන් පවසා ඇත්තේ සුන්බුන් සොයාගැනීම් කාර්මික දෝෂයට අනුව පිපිරීමක ප්‍රතිඵලයක් බවයි, මගීන් පස්දෙනා රැගත් යාත්‍රාව මාරක අනතුර සිදුවූ ස්ථානය ටයිටැනික් නෞකාවේ නැවේ සිට අඩි 1,600 (මීටර් 487) ඔබ්බෙන් යැයි විශ්වාස කෙරේ.
gossiplankanews










