දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.Sri Lanka Latest News
ඉමදූව සහ පින්නදූව අතර කොටසට මෙලෙස පස් කන්ද කඩා වැටී ඇත.
ඒ අනුව කොළඹ සිට මාතර දෙසට ගමන්ගන්නා රථවාහනවලට පින්නදූව හුවමාරුවෙන් පිටවී ඉමදූව හුවමාරුවෙන් යළි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලු විය හැක.
එසේම මාතර දෙස සිට කොළඹ දෙසට ගමන්ගන්නා රථවාහනවලට ඉමදූව හුවමාරුවෙන් පිටවී යළි පින්නදූව හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට පිවිසීමට හැකිය.










