කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සී.සී.ටී.වී. කැමරා එකසිය හැටම මාස එකහමාරක පමණ කාලයක සිට ක්‍රියා විරහිත වී තිබේ.Sri Lanka Latest News
එම කැමරා පද්ධතියේ මෘදුකාංගය අක්‍රිය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර අප කළ විමසීමක දී සඳහන් කළේය. චීන ජාතිකයන් විසින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ සීසීටීවී කැමරා පද්ධතියේ නඩත්තු කටයුතු ද සිදු කර ඇත්තේ චිනය විසිනි. ඊට අදාළ චීන විශේෂඥ කණ්ඩායමකට මෙම තත්ත්වය පිළිබඳ රෝහල් පාලනාධිකාරිය දැනුම් දී ඇත.
ඒ අනුව බාහිර රෝගී අංශයේ කැමරා පද්ධතියේ නඩත්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ මේ වනවිට සාකච්ජා කරමින් සිටින බවත් මෙම කැමරා පද්ධතියේ බිඳවැටීම් ඉදිරියේදි යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.










