අලවතුගොඩ සමන් දේවාලයට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබේ .Sri Lanka Latest News
එම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු පාර්ශවය අතර ඇතිව තිබෙන මතභේදයක් හේතුවෙන් එසේ එම දේවාලයට සීල් තබා වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි .
අලවතුගොඩ සමන් දේවාලයේ පාරම්පරිකව පැවත එන ප්‍රධාන කපු මහතා පසුගිය 08 වැනි දින අභාවප්‍රාප්ත වීමෙන් පසු එම පරපුරේ සාමාජිකයන් සහ වත්මන් බස්නායක නිලමේවරයා අතර එම මතභේදාත්මක තත්වය උද්ගතව ඇති බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය .










