ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතාට ලබා දුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
පසුගිය අප්‍රේල් මාසයේ දී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පොලිස් සේවයේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුටම ස්ථාන මාරු ලබා දී තිබුණු අතර, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ජාතික පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළේ ය.
ඒ අනුව, අජිත් රෝහණ මහතාට ලබා දී තිබුණු ස්ථාන මාරුව පොලිස් කොමිසම මගින් තාවකාලිකව අත් හිටුවා තිබුණි.
කෙසේ වෙතත්, මේ වන විට අදාල ස්ථාන මාරුව ක්‍රියාත්මක කළ යුතු බවට පොලිස් කොමිසම තීරණය කර තිබෙන බව පැවසේ.










