මෙරට ප්‍රකට ව්‍යාපාර නාමයක් වන DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ධූරයක් හොබවන සජිත් රාජපක්ෂ මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මෙහිදී ටී 56 ගිනි අවියකින් තැබූ වෙඩි ප්‍රහාර දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පැවසේ.
බොරැල්ල හරස් පාරේ පිහිටි මෙම නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රාජපක්ෂ මහතාද නිවසේ රැදී සිට ඇති නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැති බව දැනගන්නට ඇත.
සජිත් රාජපක්ෂ මහතා යනු DSI සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුනුපුරෙකි.
මීට අමතරව සජිත් රාජපක්ෂ මහතා තවත් ආයතන ගණනාවකම ඉහළ මට්ටමේ තනතුරු හොබවන්නකු ලෙස සැලකේ.










