තමන්ට පසුගිය දා කටුනායක ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විමර්යශනක් ආරම්භ කරන්නට යන බව දැන ගත් බවත් මෙම සුළු සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරදීම් අතපසු වීම් සිදු නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරිම ජනාධිපතිවරයා විසින් කළ යුතුව ඇති බවත් අජාන් බ්‍රාහ්ම් හිමියෝ පවසති.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ පැවැති දේශනයකදී මේ ගැන සඳහන් කර ඇති එහිමියෝ ජනතාවට සමාව දෙන තරමට ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරවිය හැති බව ප්‍රකාශ කළහ.
සිය බෝධිඥාණ ආශ්‍රමයේදී දී පැවැති දෙසුමකදී අජාන් බ්‍රාහ්ම්සෝ හිමියන් එහිදී දැක්වූ අදහස් මෙසේය.
ඔබ දන්නවා මම පසුගියදා ආවේ ශ්‍රි ලංකාවේ ඉඳන්. ඒ එන අතරේ මට සිදුවූ සිදුවීම ගැන දන්නවා ඇති. මම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රසිද්ධයි. පසුගිය දවස්වල මම එහි භාවනා වැඩසටහන් ධර්ම දේශනා රැසකට සහභාගී වුණා. ඒ සඳහා භික්ෂූ භික්ෂුණී සහ උපාසක උපාසිකාවන් රැසක් සහභාගී වුණා. මම පැවැත්වූ එක් දේශනයකට 7000ක් පමණ සහභාගී වුණා. ඉතින් මට ආපසු ඔස්ට්‍රේලියාවට එන ගමනේ දී වී.අයි.පී. වරප්‍රසාද යටතේ ගුවන් තොටුපළට ආවා. අවාමයි දැක්කේ ඒ වී.අයි.පී. පර්යන්තය මැෂින් තුවක්කු ගත්ත ආරක්ෂකයන්ගෙන් පිරිල තිබුණා කෙනකුට ඇවිදින්නවත් බැරි තරමට. ඊට පසුව දැනගත්තා තායිලන්තයේ පැවැත්වෙන ලොකු උත්සවයකට ශ්‍රි ලංකාවේ අගමැතිතුමා යන නිසා එතන ආරත්ෂකයන් සිටියා කියලා.
මම මේ වී.අයි.පී. පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ පිරිවිතර සම්පූර්ණ කළා. බෝඩිං පාස් ලබාගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව හරි. මම එතන සිටින අයට මේ පිළිබඳව දැන්වූවා. ඔවුන් මට කිව්වේ සියලු දේම හරියට සිද්ධ වෙයි අජාන් බ්‍රාහ්ම් හාමුදුරුවනේ කලබල නොවී ඉන්න කියල. නමුත් මට තේරුණා ගුවන් යානයේ වෙලාව දැන් ඉක්ම යාමටත් නියමිත බව. ඒ වෙලාවේ එක් සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා. අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමඟ එම පිවිසුම පාලම ගුවන් යානයේ පිටතට ඉවත් කර ගත්තා. දැන් කරන්න දෙයක් නැහැ. මා සමඟ ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්ම් හාමුදුරුවන්ට ගුවන් ගමන මඟහැරීම ගැන එයා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ. මට අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුණා.
අවසානයේ මට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණා.
මට මේ හාමුදුරුවන් දැන්වූවා ඔබ වහන්සේගේ ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රී ලංකා ජනාධිතිවරයා විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කරල තිබෙනවා කියල වෙබ් අඩවියක පළකර තිබෙනවා. වී අයි පී පර්යන්තයෙන් ගිය අජාන් බ්‍රාහ්ම් හිමියන්ට ගුවන් යානය මඟහැරීම ගැනයි මේ පරීක්ෂණය. මම එච්චර ලොකු කෙනෙක් නෙවෙයි. මට ඒක ප්‍රහ්නයක් නෙවෙයි. ජනාධිපතිතුමා කළ යුත්තේ මගෙ ගුවන් ගමන මඟහැරීමට ගැන පරීක්ෂණ කිරීම වෙනුවට මෙලෙස අත්වැරදීම් සිදුකිරීම මඟහැරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් යෙදීමයි. එහිදී මම යෝජනා කරන්නේ මේ අත්වැරදීම්වලට මිනිසුන්ට ඉඩ දෙන සමාව දෙන යාන්ත්‍රණයක් හැදීම. මිනිසුන්ගෙ අත්වැරදීම්වලට ඉඩදෙන තරමට ඔවුන්ට සමාව දෙන එවන් අතින් යළි යළි වැරදි සිදුවෙනවා අඩුයි.
අජාන් බ්‍රාහ්ම් හිමියන් එලෙස ප්‍රකාශ කර ඇත.
Ajan Thero Katunayake Nimal Siripala VIP terminal President